අඳුරු බලවේගයන් ගේ ආරම්භය ....
(The beginning of the dark forces)
හායි යාලුවනේ කොහොමද කලින් පොස්ට් එකඟ මන් කතාකලා අඳුරු බලවේගයක් කියන්නේ මොකක්ද කියල ඉතින් අද මන් කතාකරන්න හිතුවා කොහොමද මේ කියන අඳුරු බලවේගය අපේ ලෝකයට බලපෑමක් ඇති කරන්නේ සහ ඇයි බලපෑමක් ඇති කරන්නේ කියල ඉතින් වැරදි තියනවානම් නිවැරදි කරන්න .
අපි ඉස්සලම බලමු ඇයි මේ කියන අඳුරු බලවේග අපිට බලපෑම් කරන්නේ කියල . ඉතින් මන් කලින් පොස්ට් එකෙත් කිව්වා වගේ ආලෝකය සහ අඳුර කියන්නේ කාසියක දෙපැත්තක් වගේ එකට බැඳිලා තියෙන්නේ ඒ වගේ තමයි මනුෂ්‍ය අමනුෂ්‍ය කියන දෙයත් . තවත් පැහැදිලි කලොත් කෙනෙක් මියගියාට පස්සේ එම මියගිය තැනැත්තා මේ ලෝකයට අයිති නැහැ නමුත් ඔවුන්ගේ ඇති බැඳීම් හෝ ක්‍ෂණිකව ඇතිවන මරණ නිසාත් ඔවුන් මේ ලෝකයේ රැඳී සිටිනවා (ඉතින් මේ හොල්මන් අවතාර භූතයන් පිළිබඳව මන් කාලෙකට කලින් පොස්ට් එකක් දැන්මා අවශ්‍ය නම් අයෙත් දැන්නම් .')
ඉතින් ඔවුන් අපිට බලපෑම් කරන්නේ නිකන් නෙමෙයි යම්කිසි සුළු හෝ බැඳීමක් තියෙන්න ඕනි .
ඉතින් දැන් අපි බලමු කොහොමද මේ කියන අඳුරු බලවේග අපිට බලපෑම් කරන්නේ කියල . බලපෑම් කරන විදි කිහිපයක් තියනවා
01 demonic possession ( ආරුඪ වීම )
02 hunted places ( දඩයම් වූ ස්ථාන )
03 hunted item ( දඩයම් වූ වස්තුන් )
ඉතින් ප්‍රධාන වශයෙන් මේ විදියට ගන්න පුළුවන්. ඉතින් මන් අද කථාකරන්නම් demonic possession ගැන ඇත්තටම මේක රටාවක් මොකද මිනිසෙකුට හානියක් කරනවා කියන්නේ ලේසි නැහැ
අමනුෂ්‍ය බලවේගය හා රටාව
(demonic possession and pattern )
මේ හැමදේම රටාවක් පොඩ්ඩක් හිතල බලන්න අපි එදිනෙදා කරන වැඩ වල යම්කිසි රටාවක් ඒකාකාරී බවක් තියනවා
උදාහරණයක් විදියට සතියේ දිනවල එක රටාවකුත් සති අන්ත දිනවල එක රටාවකුත් නිවාඩු දවස් වලට එක රටවකුත් වගේ අපිට ගන්න පුළුවන්
සමහරුන්ට එතකොට කියන්න පුළුවන් නැහැ එහම වෙන්න බැහැ අපි නිවාඩු දවස් වලට එක එක දේවල් කරනවනේ කියල එත් ඔයා කවදාවත් ඔයා අකමැති දේවල් කරන්නේ නැහැනේ ඉතින් ඒ හැම එකක්ම රටාවක් pattern එකක් .
එතකොට මේ pattern එක එකපාරටම වෙනස් උනොත් ?
උදාහරනයක් විදියට සතියේ වැඩකරන දිනක හදිසි මලගෙදරක් උනා එතකොට ඔබේ pattern එක වෙනස් වෙනවා නේද ?
අන්න ඒ වෙලාවට ඔයාගේ අනික් හම වැඩම ගොඩ ගැහිලා හැමදේම අවුල් වෙන විදිය සමහර විට ඔයාලම අත්විදලා ඇති
ඉතින් මන් කියන්න හැදුවේ මනුශයකුගේ ජිවිතයට පවා ලොකු හානියක් කරන්න පුළුවන් අපි එයාලගේ රටාව වෙනස් කලොත් ඒ වගේම ඒ රටාවට විටින් විට හානි කලොත්
ඉතින් අමනුෂ්‍ය හෝ අඳුරු බලපෑමක් ඉස්සලම කරන්නේ මෙන්න මේ රටාවට පහරදීමයි එතකොට නිකන්ම මනස වැටෙනවා මොකද සමහරක් පුද්ගලයින් ඉන්නවා මනස හරි ශක්තිමත් නමුත් මෙන්න මේ වගේ ඔවුන්ගේ ජිවන රටාවට යම්කිසි කාලයක් තුල බලපෑම් ඇති කලොත් ඔවුන්වත් වට්ටන එක අපහසු නැහැ .
මන් පුළුවන් තරම් තේරුම් කරන්න උත්සහ කරනවා ඒ වගේම පුළුවන් තරම් කෙටි කරන්නත් උත්සහ කරනවා මොකද මේ වගේ මාතෘකාවක් මෙහෙම ලියන්න ඇත්තටම අමාරුයි ගොඩක් දේවල් කියන්න තියනවා ඉතින් සමහර තැන් ඔයාලට කියවන යද්දී නොතේරෙන්න පුළුවන් නමුත් ඒවා ගැන වෙනම post එකකින් මන් ලියන්නම් මොකද එක මාතෘකාවක් ගත්තොත් මේක විවිද පැති ඔස්සේ යන නිසා එකට කරුණු ගොනු කරන්න අපහසුයි මොකද හරියට කරුනු ගොනු කලේ නැත්තම් හරි තේරුම අදහස දැන්මේ නැත්තම් සමහර අයට හිතෙයි මේක බොරුවක් කියලා වැරදි ඇත්නම් කියන්න තවත් මේ වගේ post එකකින් හමුවෙමු
No comments:
Post a Comment
wetting please