Wednesday, November 29, 2017

වට වන්දනා බස් රිය

වට වන්දනා බස් රිය.
මෙම සිද්ධියටද අමනුෂ්ය බලපෑම් කොටසක් ඈතුලත් හෙයින් මුල සිටම සිද්ධියට අදාල දේ වලින් පෑහෑදිලි කරන්නෙමි.
ලංකාවේ බස් ජනසතුව සිදු වූයේ 1956 දී ය. ඊට පෙර ප්රවාහණය කෙරුනේ පෞද්ගලික සමාගම් මගිනි. ලංකාව පුරා කුඩා, මධ්යම සහ විශාල පරිමාණයේ බස් සමාගම් එවකට විය.
කුඩා සහ මධ්යම ප්රමාණයේ සමාගම් බොහොමයක් බස් රථ සඳහා යොදවා ගත්තේ ලෝක යුද්ධ කාලයේ ලංකාවට ගෙන්වූ "කාපිරි ෆෝර්ඩ් සහ කාපිරි චවර්ලට්" යනුවෙන් හෑඳින්වූ කොට ට්රක් රථ වල පිටු පස බොඩිය වෙනස් කර ජනේල දමා පිටුපසින් මගීන්ට නෑගීමට සහ බෑසීමට පා පුවරුවක් සවි කිරීමෙනි. ගම් මට්ටමෙන් මේවා හෑඳින්වූයේ "පාන් භාග" යනුවෙනි. එහෙත් විශාල පරිමාණයේ බස් සමාගම් හිමියෝ, මුදල් ආයෝජනය මගින් බස් චෑසිම ගෙන්වා බොඩි ගස්සවා ධාවනයෙහි යෙදෑවූහ.
පාන් භාග හෙවත් කාපිරි ෆෝඩ් සහ කාපිරි චවර්ලට් වලට පරණ වන විට අමතර කොටස් අවශ්ය තාව තදින් ඈති වුවද, එවකට සිටි ආණ්ඩු වලින් වත්, සුද්දන් සිටි කාලයේදී වත්, ඒ සඳහා අවශ්ය කටයුතු නොකෙරින.
එහෙත් මෙම බස් සමාගම් වල සේවය කළ දක්ෂ මිකෑනික් වරු, එම සමාගම් වලින් ඉවත් වෙන බස්රථ කීතු කරමින් ඒවායෙන් ද කොටස් ගලවා ගෙන තම බස් රථ වලට සවි කර ධාවනයෙහි යෙදෑවූයේ, තම ආයතන කඩා වෑටීම වලක්වා ගෑනීමටය. ඒ එසේ වුවද මෙසේ නොකරණ සමාගම් ද ඒ අතර තුර තිබූ අතර, ඒවා බොහොමයක් කඳු නගින විටදී ගියර මිස් කිරීම නිසා ප්රපාත වලට පෙරෑලී ගමන් කළවුන් බොහොමයක් දෙනා මිය ගියහ. සමහරක් අත පය කෑඩී සදා කාලික ආබාධිත තත්ත්වයට පත් වූහ.
මේ නිසා නිතර කුඩා ප්රමාණයේ බස් සමාගම් වලට විරුද්ධව පෑමිණිලි ගොඩ නෑගිණ. තුවාල වූවන්, මිය ගියවුන් සඳහා වන්දි ඉල්ලා සටන් කළද ඵලක් නොවිණ. එහෙත් දුර ගමනක් යායුතු අය ජීවිතය ගෑන පවා නොතකා මෙම බස් රථ වල නෑගී ගමන් ගියහ. රජයට හිසරදයක් වූ පෑමිණිලි විභාග කර බෑලූ එවකට රජය, තමන්ට නඩත්තු කර ගන්නට නොහෑකි බස් රථ සහිත සමාගම් වලට, ඒවා රජයට පවරා දෙන මෙන් ඉල්ලා සිටියද, බස් හිමියන් තම සේසත රජයට දී අත පිසදා ගෑනීමට කෑමති නොවූහ. ඒ වෙනුවට තමන්ට අමතර කොටස් ගෙන්වාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියද, රජය ඒ සඳහා අකෑමති විය. අවසානයේදි විසඳුමක් ලෙස රජය බස් සමාගම් සියල්ල ජනසතු කිරීමට ප්රකාශ කලද, ලොකු ලොකු බස් සමාගම් කිහිපයක් පමණක් තම බස් රථ වල නඩත්තුව තමාට කර ගත හෑකි බව කියමින් බස් රථ ටික බේරා ගත්හ. එහෙත් ඔවුනට පොදු ප්රවාහණ සඳහා අවසර නොලෑබුණු අතර විශෙෂ ගමන් වාර සඳහා පමණක් අවසර ලෑබිණ.
ඒ දවස් වල බස් සමාගම් හිමියන් කලට වේලාවට රියෑදුරන් ගේ පඩිනඩි නොගෙවුව හොත්, සෙනග පිටින්ම කඳු නගින අවස්ථාවේදී ,”ගියර් පෑන්නෝ, පුළුවන් නම් බේරියල්ලෝ”, කියා හෝ තද බෑවුමක් නම් “බ්රේක් නෑතෝ, පෑනපල්ලෝ” යි කියමින්  රියෑදුරෝ තම පාන් බාගයෙන් එලියට පෑන, තමාගේ පමණක් ජීවිතය බේරාගත් අවස්ථා ද සුලභය. මේවා ආරංචි වුව හොත්, පසු කාලීනව ලංගමයට බෑඳුණු රියෑදුරන්ට කොළු කුරුට්ටන්ගෙන් නම් බේරීමක් නොමෑති විය. ඔවුන්ගෙන් එකෙක් ලංගම බසයක් පදවාගෙන එනු දුටුව හොත්, බ්රේක් නෑතෝ, පෑනපල්ලෝ, යි කියමින් ඔවුන් ව බයිට් කිරීම එකල තදින්ම සිදු විය. මේවා ඈසෙන වයසක රියෑදුරෝ කොල්ලන්ගේ අම්මා, මුත්තාලාට පින් නොදී නොගියහ.
ඒ එසේ වුවද මොවුන්ගෙන් සමහරෙක් සුද්දන් යටතේ සේවය කල අය වීම නිසා හොඳ ඉංග්රීසි ප්රවීණයන්, චතුර ලෙස ඉංග්රීසි බස හසුරවන්නන් ද වීම නිසා ඉංග්රීසි බසින් අධ්යාපනය ලද්දෙක් බව දෑන ගතහොත් බස් රියෑදුරු වුවද සිංහලෙන් කතා නොකලහ. මේවා දෑන ගන්නා පසු කාලීන ඉස්කෝල කොල්ලන් ද, මේ චතුර "වෙලිංටන් සාමි"ලාගෙන් බේරී ජීවත් වීමට වග බලා ගත්තේ, බෙල්ල කර මුලින්ම කෑපී යාමට තරම් ඔවුන්ගේ කඩුව මුවහත් නිසාය.
පොදු ගමන් වාර සඳහා ලංකාවේ සියළුම බස් රථ එකතු කොට තෝරා බේරා ගත් ඒවායින් ලංගම බිහි විය. ඒවායේ සේවය කළ සේවකයින්ට සමහරකට එහිම රෑකියා අවස්ථාව ලෑබුණු අතර අයිතිකරුවන්ට ලෑබුනේ "හුප්පෙ" පමණි. මේ නිසා පෞද්ගලික බස් රථ හිමියන්ගේ ශාපය නොඅඩුව ලංගමට ලෑබිණ. එහෙත් රජයෙන් අළුත් බස් රථ ගෙනෑවිත් සේවයට යෙදවීම නිසා, නිකම්ම රජයට පවරා ගත් බස්රථ වෙන්දේසි මගින් නෑවත එලියට යෑවිණ. එහෙත් ඒවායේ පෑරණි අයිති කරුවනට කිසිම වන්දියක් නොගෙවිණ. ආපසු අයිතිකරුවන්ට භාරදීමක්ද නොවිණ. එබෑවින් ලංගමෙහි සේවය කළ සේවකයන් තම පෑරණි හාම්පුතුන් හූල්ලන හෑටි බලා හොරෙන් කඳුළු සෑලූහ. දුක් වූහ. එහෙත් තමන්ට රෑකියාවක් නොමෑතිව ජීවත් වීමට නොහෑකි නිසා, ලංගමට බෑඳුනු ඔවුන් රෑකියාව කර ගෙන ගියහ.
දෑන් අපි සිද්ධියට බසිමු. බදුල්ලේ සිට නුවර එලිය බලා සෙනග පටවා ගෙන ලංගම බස් රියක් පිටත් විය. බදුල්ල මහ රෝහල ඉදිරිපස බස් නෑවතුමෙන් රෝහලට පෑමිණි රෝගීන් පිරිසක් සහ නේවාසිකව සිට ප්රතිකාර ලබා ගෙදර යන රෝගීන් දෙදෙනෙක් ද බසයට ගොඩ විය. බසයෙහි රියෑදුරු වූ (ටී ආර් - මොහුගේ සත්ය නම නොදනිමි. එබෑවින් ඔහු මෙහිදී ටී ආර් ලෙස හඳුන්වමි. ) මේ ලෙඩ්ඩුන්ට ආසන කීපයක් පිරිනමන්න කරුණා කරලා කියමින් ඉදිරි පසට හෑරුණේය. අඳුරු පෑහෑයක් ඈති තීන්ත ආලේපිත සමාගම් බස් රථයක් මෙම ලංගම බස් රථය ඕවටේක් කලේය. එහි ඉදිරිපස වහලය මුදුණෙහි ලෙලදුන් බෞද්ධ කොඩි දෙකෙන් මෙහි ගමන් කරන්නේ වන්දනා නඩයක් බව පෑහෑදිලි විය. සෙමින් ඈසුණු පිරිත් සජ්ජායනාවෙන් ඒ බව තවත් තහවුරු විය.
කන්ද නෑග ගෙන වේගයෙන් ඉදිරියට යන ලංගම බසයට මේ බසය පසුකර යාමට අවස්ථාවක් නෑත. හේතුව පාර පටුය. කන්දය. වන්දනා නඩය පසුපස ගමන් කල ලංගම බසය කෙසේ හෝ හාලි ඈල කිට්ටු වත්ම මෙම වන්දනා බසයට ඉස්සර කර ගත්තේය. පිටුපසින් එන බසය නෑවත ඉස්සර වුව හොත් තමන්ට විඳීමට සිදුවන අකර තෑබ්බය දන්නා ටී ආර්, වේගයෙන් බසය පෑදවීය. හාලිඈල හන්දියේ පොල ලඟ බසින්නට සහ නගින්නට සෙනග සිටි හෙයින් එහි තරමක් ප්රමාද විය. ඒ නිසාවෙන් නෑවත වන්දනා නඩය සහිත බසය ඉස්සර විය. "චිහ්, මේක ඉස්සර වුනානෙ” . ටී ආර් ට කියෑවිණ.
පෞද්ගලික බස් රථ මෙන් නොව, ලංගම බස් රථ වෙලාවට ඊ ලඟ නගරයට යා යුතුය. එසේ නොමෑති වුව හොත් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඩිපෝවෙහි පවත්වන විනය පරීක්ෂණ වලට පෙනී සිටිය යුතුය. ඉන් පසුව වරුවක හෝ දිනයක පඩි කෑපීමකට ද මුහුණ දිය යුතුය. නෑවතත් වන්දනා නඩය රෑගත් බසය පසුපස එලවා ගිය ටී ආර් ට, ඈටම්පිටිය ප්රදේශයෙහිදී නෑවත ඉස්සර කර ගෑනීමට හෑකි වුවද ඉන් ඵලක් නොවූයේ ඈටම්පිටිය පොලෙහිද නෑගීමට සහ බෑසීමට සෙනග සිටි බෑවිනි. ටී ආර් ට මල පෑන්නේය. අයිසෙලා, ඉක්මනට බහිනවාලකො, අර උලවුව ඉස්සර කලා ආයිමත්. නුවර එලි යන මිනිස්සු ටික කීයටද ගෙනිහින් බස්සවන්නෙ. චික්.
ඔහුගේ මෙ වදන් පෙල බසය තුල සිටි මගියෙකුට හොඳාකාරවම ඈසුනේය. ඔහුද මෙම තරඟය නරඹමින් බසයෙහි ගමන් කලේය. එතෑන් සිට වෑලිමඩ දක්වාම පාර පටුය. බස් රියකට තවත් බස් රියකට ඉස්සර කිරීමට ඉඩක් නොමෑති තරම් ය..............
ටී ආර් හෝන් කලද වන්දනා නඩය සිටි බසයෙහි රියෑදුරු ට බසයට ඕවර්ටේක් කිරීමට ඉඩ දෙන්නට තරම් ඉඩක් නෑත. බස් රථ දෙකම  හාඟිලි ඈල්ල හරියට එනතෙක්ම ගෑටූහ. අවසානයේදී වන්දනා බසයෙහි රියෑදුරු බසය හෑකි තාක් අයින් කර ගෙන ටීආර්ට ඉදිරියට යාමට ඉඩ දුන්නේය. බස් දෙක එක මට්ටමට එන තෙක් ඉදිරියට ගෙන ආ ටී ආර්, බසය නවතා වන්දනා බසයේ රියෑදුරුට තදින් දෝශාරෝපණය කරන්නට විය.
තම බස් රථය ප්රමාද වීම නිසා තමාට විඳින්නට වෙන දඬුවම ගෑනද ඔහුට කියා බෑන වෑදුණු ටී ආර්, බසය ඉදිරියට ගෙන ධාවනය කරන්නට විය. සෙනග බස්සවමින් සහ නග්ගවමින් ගිය ටී ආර් වෑලිමඩ පාලමෙන් දකුණට හරවා බසය බස් ගාලෙහි ගාල් කර, වෙලාව සටහන් කර ගෑනීම සඳහා වේලා සටහන් කාර්යාලයට (ටයිම් කීපර් කූඩුව වෙත ) ගියේය.
ඔහු කිව්වාක් මෙන් ඔහු විනාඩි 18ක් ප්රමාදය. සිද්ධිය වේලා සටහන් කරුට කිව්වද, ඕවා ඩිපෝවට කියන්ඩ . මට වෑඩක් නෑහෑ, කියා ටී ආර් ගෙන් පොතක අත්සනක් ද යොදවා ගත්තේය. මින් නෑවත ටී ආර් ගේ මල පෑන්නේය. වන්දනා නඩය රෑගත් බසයද,  වෑලිමඩට පෑමිණ පාලමෙන් නොහරවා, කෙලින්ම ඉදිරියට පෑමිණ දකුණු පසින් නතර කලේ වම් පස වූ තේ කඩ දෙකෙන් යමක් සප්පායම් වී, නෑවත ගමන ඈරඹීමටය.
තාත්තා සමග වෑලිමඩ නගරයට ගිය මා තේ එකක් බීම සඳහා ඉහත තේ පෑන් හල් දෙකෙන් එකකට ගොඩ වෑදුනෙමු. වන්දනා බසයේ නඩය නිසා අසුන් ගෑනීමට තෑනක් නොවූ බෑවින් අපි ආපසු යන්නට හෑරුනෙමු. එහෙත් තාත්තාව හොඳින් අඳුරණ වේටර් ළමයෙක්, මහත්තයාල යන්න එපා. ඉන්න මම පුටු දෙකක් ගෙනත් දෙන්නම් . කියා පුටු දෙකක් ගෙනෑවිත් කෑශියර් කූඩුවට ලඟම මේසය ලඟ තබා අප දෙදෙනාට වාඩිවෙන්නට සෑලෑස්වූහ. එහි වාඩිවී සිටි වයසක මනුස්සයෙක් තාත්තා සමග දොඩමළු විය.
මහත්තයා මෙහෙද ? අපි නුවර තලාතු ඔය. වට වන්දනාවෙ ගියා. උදේ මුතියන්ගනෙන් පිටත් වුනා. දෑන් නුවර යන්ඩ යන්නෙ මහත්තයා. මහත්තයාලත් ඒ පින් අණුමෝදන් වෙන්න. කියන විට තාත්තා තෙවරක් සෙමින් සාදුකාර දුන්නේය. මට ඒ දින වල එතරම් අවබෝධයක් නොතිබූ බෑවින් මම නිහඬව බලා සිටියෙමි. ඔවුන් තේ පානයෙන් පසුව නෑගිට මහත්තයා අපි ගිහින් එන්නම් කියා අප දෙදෙනාගෙන් සමු ගත්තෝය.
ඔවුන්ද හෑකි පමණ ඉක්මණින් කා බී ඉක්මණින් බසයට ගොඩ වූවෝ, වන්දනා නඩය වෑලිමඩින් පිටත් විය. නියමිත වේලාවට වඩා විනාඩි දහ අටක් ප්රමාදව පෑමිනි ටී ආර් ද, හෑකි ඉක්මණින් බසය බස් ගාලෙන් එලියට ගෙන පාලමෙන් එලියට දමා, දකුණට හරවා නුවර එලිය පාර දිගේ බසය පදවා ගෙන ඊ ලඟ පාලම ( ඉන්ද්රාණි සිනමාහල තිබූ තෑන, දෑන් රෙස්ටොරන්ට් ) පසු කර කන්ද උඩට එන විට, උඩමංකඩ සුසාන භූමිය හරියෙන් ගමන් ගන්නා වන්දනා බසය දිස් විය.
මුහුණ පුළුටු කර ගත් ටී ආර්, තම බසය පදවමින් පාර දිගේ යන්නට වූයේ, නෑවතත් මෙම බසයට ඉස්සර කර ගන්නා අදහසිනි. එහෙත් මෙම බසයෙහි රියෑදුරු ටී ආර් ට, වන්දනා නඩය සිටි බසයට කිට්ටු කර ගන්නට හෑකි වූයේ සාප්පු කඩේ හරියේ දීය. එතෑන සෙනග බෑස්සවීමට හිටි නිසා මඳක් ප්රමාද විය. එහෙත් ඔහු නෑවතත් වේගයෙන් බසය ධාවනය කලේ උඩු මුල්ල පසු වූ විට එන කෙලින් පාරේදී බසය ඉස්සර කර ගෑනීමේ අපේක්ෂාවෙනි.
පාර කෙලින් වූ නිසා වන්දනා නඩය රෑගත් බසය තරමක වේගයෙන් ඉදිරියට ඈදුණි. වේගයෙන් ආ ටී ආර් ට ඉදිරියෙන් යන වන්දනා බසය පෙණුනු බෑවින් ඔහු තම වේගය වෑඩි කලේය. හරියටම නුගතලාව පරණ ගල් වලට ඈතුල්වෙන පාර ඉදිරියේදී ( ඕල්ඩ් ක්වොරි ) ටී ආර්, තම බසය වන්දනා බසයට ඉස්සර කලේය. එතෑන සුළු වංගුවක් ද තිබුණි. එකකට එකක් ඈතිල්ලීමෙන් වළකින පිණිස ටී ආර් බසය පෑදවූයේ තරමක දුරකින් වුවද, වන්දනා බසයේ රියෑදුරු තම බසය ටිකක් අයිනට ඈල්ලුවේය.
අභාග්යයක මහත. පෙර දිනක තිබූ තද වර්ෂාව නිසාද, ගල් වලෙන් පෙරී දිගටම  පහලට ගලා ආ ලාහු වෑවේ වතුර නිසාද, වම් පස කණ්ඩිය හොඳින් පෙඟී තිබූ අතර, වන්දනා නඩය සහිත බසයේ බර නිසා, වම් පෑත්ත කණ්ඩිය කඩා ගෙන වන්දනා බසය අඩි හෑටක් පමණ පහල වෙලට පෙරලී ගියේය. ටී ආර් මෙම සිද්ධිය පෑති කන්නාඩියෙන් දකින්නට ඈත. මෙම අනතුර සියෑසින් දුටු බසයෙහි ගමන් කළවුන් කෑ ගසන්නටද ඈත . එහෙත් ඔහු නොනවත්වාම බසය ධාවනය කරගෙන යන්නට ගියේය. ඔහු බසය කලට වේලාවට නුවර එලිය බස් ගාලට ගෙන එන විට එතෑන පොලීසිය වට වී සිටියහ.
අත් අඩංගුවට පත් ඔහු (ටී ආර් ) ජීප් රියක නංවා ගෙන නුවර එලිය පොලීසියටත්, එතෑනින් වෑලිමඩ පොලීසියටත්, එතෑනින් රිමාන්ඩ් භාරයටත් උසාවි කටයුතු අවසන් වන තෙක් බදුල්ලේ රිමාන්ඩ් භාරයේ සිටීමටත් සිදුවිය. බසයේ සිටි මගියා දුන් කට උත්තරය, මේ සඳහා බොහෝ ඉවහල් වූ බවත් ආරංචි විය.
වන්දනා නඩය ගමන් කළ බසය පරීක්ෂා කළ පොලීසියට, එහි ස්පෙයාර් වීලය දම් වෑලකින් බෑඳ බසය තුල තෑන්පත් කර තිබුණු බවටත්, පූජ්ය පක්ෂය සඳහා වූ අසුනේ වාඩි වී සිට ඈත්තේ වයසක ගුරු යුවලක් බවත් දම් වෑලෙන් බෑඳ තිබූ බසයේ අමතර රෝදය, බසය පෙරලෙන විට දම්වෑල කෑඩී මේ දෙදෙනාගේ හිස් මත පතිත වී ඈති බවත් එයින් ලද බරපතල තුවාල වලින්, ඔවුන් දෙදෙනා රෝහලේදී මිය ගිය බවත් ආරංචි විය. ඒ සමග ඔවුන්ගේ ඥාති දියණියක් ද සිට ඈත. එවකට කුඩා පාසෑල් දෑරියක් ව සිටි ඈය කකුලකට සහ අතකට බරපතල තුවාල ලබා ( අමතර රෝදය වෑටීමෙන් ) වෑලිමඩ රෝහලේ සිහිසුන්ව දින දෙකක් ද ඈතුළුව ප්ලාස්ටර් දමා සුමාන දෙකක් නේවාසිකව සිට, සුව වීමට ප්රථම ඥාතීන් පෑමිණ ඈයව කෑටුව ගොස් මහනුවර මහ රෝහලට ඈතුලත් කරවා ඈත.
මට, මගේ මිතුරෙකුගේ පියාගේ අභාවය නිසා සහභාගි වූ මහනුවර, තලාතු ඔය, මාරස්සන මළ ගෙදරකදී මෙම තෑනෑත්තිය මුණ ගෑසී කථා කරන්නට අවස්ථාවක් අහම්බෙන් එළෑඹින. කථාවෙන් මා සමග සුහද වුණු ඈය ගම් පලාත ආදිය අසා දෑන ගත් පසුව, ඈය පළමුව ඈසුවේ ටී ආර් ගෑනය. මම මුලදී හිතුවේ ඔවුන්ගේ ඥාතියෙකු වන්නට ඈත කියාය. ඈයගේ විස්තර සියයට සියයක් ම නිවෑරදිය. මට ආරංචි වූ දේවල් මම ඈයට කිවූ පසු, ඈය තම වම් පාදය සහ වම් අත කෑඩී ගිය තෑන් මට පෙන්වා, බොහෝ කලක් ඒ සඳහා ප්රතිකාර කර සනීප කර ගත් බවත්, ලද බරපතල තුවාල වලට ප්රතිකාර කරන්නට ගතවූ කාලය නිසා ඈයගේ ඉගෙනීමද කඩාකප්පල් වූ බවත්, වන්දි වශයෙන් කිසිවක් නොලෑබුනේ, බස් රථයේ ස්පෙයාර් වීල් එක බසය තුල තබා ගෙන ආ බෑවින් නිසාද කියා ඈය, තම මාමා සහ නෑන්දා එතෑනම මිය ගොස් ඈති බවත්, තමාගේ දෙමව්පියන් තමා කුඩා කලදීම නෑති වී ඈති හෙයින් තමාව හදා ගත්තේ ඒ දෙදෙනා බවත්, ඔවුන් දෙදෙනා මිහිදන් කළ අවමංගල්යයට වත් තමාට සහභාගි වීමට නොලෑබුණු නිසා තවමත් දුක් වන බවත් කියමින් කඳුළු සලන්නට විය.
ඈයගේ කඳුළු සෑලීම අඩු වූ පසු, ස්පෙයා වීල් එක බස් එක ඈතුලෙ තියාගෙන ඈවිල්ලා තියෙන්නෙ ඈයි? කියා විමසුවෙමි. ඈය සිනා සී කියා සිටියේ මහනුවර පූජනීය නගරයක් වුණාට, බස් එක අයිති ගරාජ් එක තියෙන්නෙ පාර අයිනෙ. පිටි පස්සෙන් රෑට හොරු ඈවිල්ලා ස්පෙයාර් වීල් හොරකම් කරණවා. ඒවාට අලාභය ඩ්රයිවර්ලගෙ පඩියෙන් කපනවා. ඒ මිනිස්සු දුප්පත් අයනෙ. ඉතින් ස්පෙයාර් වීල් එක බස් එක ඈතුලෙ තියාගන්නවා දම් වෑලකින් බෑඳලා ඉබ්බෙක් දාලා කියා නෑවතත් සිනා සුණාය. ඒ අමිහිරි අතීතයේ සිදුවීම ඈයගේ පවුලේ යමෙක් කියවා සංවේගයට පත්වීමක් සිදු වුණා නම් සමාව අයෑදින බවත් මෙහිදී සඳහන් කරමි.
මෙහිදී මට යමක් මතක් විය. 1969 - 1970 තරම් කාල වකවානුවේ දී මම මාගේ බයිසිකලයෙන් නොයෙක් අවශ්යතා වලට රාත්රියේදී නුගතලාවට ගොස් එන විට මෙම ගල්වල ලඟදී තරමක් වයසෑති මනුස්සයෙක් බොහෝ විට මට මුණ ගෑසෙන්නේය. ඔහු අත දිගු කර මා පදින බයිසිකලය නතර කර, පුතා නුවර යන්ඩ බස් එකක් කීයට ද තියෙන්නෙ? යි කියා අසන්නේය. ඒ වෙලාවට නුවර යන බස් නොතිබූ නිසා ( ඒ කාලයේ ) ආයිමත් පාන්දර හතර තමයි තියෙන්නෙ, ඒත් මෙතෑන නුවර යන බස් නවත්වන්නෙ නෑහෑනෙ. එක්කො සාප්පු කඩේ ලඟට හරි කෑප්පිටිපොල හන්දියේ බස් හෝල්ට් එකට හරි, වෑලිමඩ ටවුමට හරි යන්ඩ. දුර නිසා වාඩි වෙලා යන්ඩ ඕනෑ නෙ.
ඔයා කොහෙද ඉන්නෙ? කියා ඈසූ විට පහල වෙලේ තිබෙන පිදුරු සෙවිලි කළ පෑල පෙන්වන්නේය. ඉතින් ඔයා කඩේ කට වත් යනවා මම දෑකලා නෑහෑනෙ කියන විට ඔහු සිනාසෙයි. මේ ලඟ අය නම් මාව දන්නවා කියමින් ඔහු කරුණාවන්ත අයුරින් සිනාසෙයි. ටී ආර් මුණ ගෑසුණොතින් මතක් කලා කියන්න කො. කියයි. මොහු ගෑන මට වූ මහත් ප්රහේලිකාව නිසා, ලඟ ගෙදරක සිටි අයියා කෙනෙකුට මම මේ බව පෑවසූයෙමි. ඔයා මොකටද රෑ එහෙ මෙහෙ යන්නෙ කියා ඔහු කීවද, මට මෙය තේරුම් ගත නොහෑකි විය.
එහෙත් තලාතුඔය මල ගෙදර දී මට මුණ ගෑසුනු කාන්තාවගෙන් මා, මට මුණ ගෑසුණු නාඳුනන වයසක තෑනෑත්තාගේ හෑඩරුව විස්තර කරණ විට ඈය විශ්මයෙන් මා දෙස බලා සිට කීවේ ඔයා කියපු හෑඩ රුව ඔක්කොම අපෙ මාමාගෙ තමයි. ඒත් එයා මෑරුණානෙ. මම මට පුළුවන් විදියට මෙහෙදි සාංඝික දාන දීලා, පින්කම් කරළා මාමාටයි නෑන්දාටයි පිං අණුමෝදන් කරවනවා. අපේ ගෙදර නම් එයාගෙ පින්තූර ඈති. ෆියුනරල් එක දවසෙ ගත්ත දෙක තුනකුත් තිබුණා. ඈය එසේ කීවද මට නාඳුනන කාන්තාවකගේ නිවෙසට යාමට සිත් නොදුන් නිසා, මෙයට එකතු කිරීමට තිබූ වටිනා යයි හෑඟෙන විස්තරයක් ඔබ සෑමටත්, මටත් අහිමි විය. ඒ ගෑන මගේ කණගාටුව ප්රකාශ කරමි.
ඉන් පසුව දවසක් රාත්රියේදී මේ මහළු මනුස්සයා මට එතෑනදී මුණ ගෑසුණි. සිතට ධෛර්යය උපදවාගත් මා බයිසිකලය නවතා ඔහුට කතා කළෙමි.
ආ.. අන්කල් කොහොමද සෑප සනීප? මට ලඟදි තලාතු ඔය මරණ ගෙදරක ගිය වෙලාවෙ ඔයාගෙ ඥාතියෙක් මුණගෑසුණානෙ, කිවෙමි. කවුද, කවුද එයා? කොහේද ඔය පුතා තලාතු ඔය ගියේ ? ඔහුගෙන් ප්රශ්ණ රෑසකි. මගේ මිතුරාගේ නමද, ඔහුගේ පියාගේ නමද කියා, ඔහු මියගියේ හදිසි හර්දයාබාධයකින් බවත්, සේවාස්ථානයේ සිට තලාතුඔය දක්වා මිතුරාව යතුරු පෑදියකින් එක්ක ආවේ මා බවත් ඔහුට කිව්වෙමි. 1980 ගණන් වල ජේ වී පී කළබල සමයේ ඈඳිරිනීතිය ප්රකාශ කළ සමයේ දී බස් රථ ධාවනය නොවූ නිසා ඔහුව යතුරු පෑදියකින් ගෙදරට ගෙන ගොස් ඈරලූවේ මා විසිණි.
අනේ ඒ මනුස්සයා හරි හොඳ කෙනෙක්. මම යන්න ඕනි එහෙනම් ගිහින් එන්න. ඔහු කීය. ඔයාගෙ දුව මට මුණගෑසුණානෙ. නම නම් කිව්වෙ නෑහෑ මට. ඒ වුනාට ඔයාලා දෙන්නා ගෙදර නෑති නිසා එයා හරියට දුක් වෙනවා. එයා ඔය දෙන්නා වෙනුවෙන් හරියට පින්කම් කරණවා. දළදා මාලිගාවට දානමුර හිටන් භාර අරන් කරණවා කිව්වා. ඔයත් ඒ පින් අණුමෝදන් වෙන්න. සිතට ධෛර්යය උපදවා ගෙන මම නෑවතත් කිව්වෙමි.
දෑත් එකතු කර තුන් වරක් සාදු කියා කිවු ඔහු, එහෙමනම් මම හෙට උදේ බස් එකේ වත් නුවර ගිහින් එන්න යනවා යි ඔහු කීය. මම මගේ මුදල් පසුම්බිය ඈර රුපියල් සීයේ කොල දෙකක් ගෙන ඔහුට දිගු කර මේක බස් එකට තියාගන්න අන්කල්, කියන විට සුහදව සිණාසුණු ඔහු මට බස් වල යන්න සල්ලි ඕනෑ නෑහෑනෙ පුතා යෑයි කීය.
ඔහු මනුෂ්යයෙක් නොවන බව මම දෑනගෙන හිටි නිසා, ඔහුට කිවුවේ, නුවර ගියොත් එහෙ ඉන්න, ආපසු සීතලේ ගෑහෙන්ඩ මෙහාට එන්ඩ ඕනෙ නෑහෑනෙ, කියාය. එයටද මඳ ලෙස සිණාසුණු ඔහු මට කියා සිටියේ මම ආපසු එනවාට ඔය පුතා කෑමති නෑහෑ වගේ නේද? කියාය. අපොයි නෑහෑ. ඔයාගෙ දුව ඔය දෙන්න වෙනුවෙන් පින්කම් කරණවා කිවුවා නෙ හරියට. ඉතින් ඒ පින්කම් බලාගන්න ඔයාට ලේසියි නෙවෙ එහෙ ඉන්න කොට. ඒකයි මම කිව්වෙමි.
ඒ ගෑණු ළමයා මගෙ දුවෙක් නෙවෙයි පුතා, මගෙ නංගිගෙ දුව. එයාගෙ දෙමව්පියන් නෑති වුනා පොඩි කාලෙ. මට ළමයි නෑහෑ. අපි දෙන්නයි එයාව හදාගත්තෙ.ඒ ළමය වත් අපි වෙනුවෙන් පින්කම් කරණවා කියන එක අහන්ඩත් සන්තෝශයක්. වෙන කාටවත් අපිව මතක් වෙන්නෙ වත් නෑහෑ, කියා ඔහු මට අපූරු දෙයක් පෑවසීය.
ඔය පුතාට යම් අවශ්යතාවයක් වුනොත් මාව මතක් කරන්ඩකො මට හෑකි උදවුවක් කරන්නම්. දෑන් රෑත් වුණානෙ ගෙවල් වලින් හොයනවා ඈති ඔයා යන්ඩ එහෙනම්. කියාය.
ඔහුගෙන් සමු ගත් මා ගෙදර ආ විට ලෝක දෝස් මුරයක් මට ලෑබිණ. සියළු විස්තර මම අම්මා සහ තාත්තා සමග කියන විට අම්මා ලෑස්ති වුණේ ගුරුන්නාන්සේ කෙනෙක් ගෙන්වා, මට ශාන්ති කර්මයක් කරවීමටය. මම භය නොවුණු බවත්, මොනවා හරි වෙනසක් වුනොත් පමණක් එයට බසිමු, යෑයි මම ඔවුන් අස්වෑසුවෙමි. ඉන් පසුව කව්දාවත් ඔහුව මට එතෑනදී මුණ නොගෑසුණි.
“වට වන්දනා බස් රිය” සමාප්තයි.
ඔබ සෑමගේ කමෙන්ට්ස් ද අගය කරමි.

No comments:

Post a Comment

wetting please

Featured Post

වට වන්දනා බස් රිය