- දඩාස්..... හඬින් ජනේලයක් සුළඟට වැසෙමින් භිය වී සිටි මාගේ බිය තවත් තීව්‍ර කළ අතර ඈතින් ඇසුන නරියෙකුගේ හූවක් නිසා මාගේ පපුවද වේගයෙන් ලබ් ඩබ් හඬින් ගැසෙන්නට විය... වේලාව තවමත් 12.40 වන බව සඳ එලිය යාන්තමට වැටුණු බිත්ති ඔරලෝසුවෙන් දිස්වූ අතර උදෑසන වීමට තව බොහෝ වේලා ඇති බව මට හැඟී ගියේ එවිටය...
මොන මල වදය්ක්ද මන්දා " ලෙස මටම කියාගත් මා වතුර ස්වල්පයක් කටගා නැවත ඇදට වැටුනේ කෙසේ හෝ නිදාගන්නවා යැයි අදිටනිනි. නමුන් කිසිම නින්දක් ලැබීමට තරම් මා වාසනාවන්තයෙක් නොවිමී.. දින කීපයක සිටම මා හට නින්දක් නොවුනු අතර රෑට හීනෙන් බිය වීම , ගැස්සී අවදි වීම , ගැහැණියකගේ කෑගැසීම ආදී විවිද හේතු නිසා මාඉතාමත් බියෙන් කාලය ගෙවිමි... මේ කිසිම දෙයක් දෙමව්පියන්ටවත් නොකීමට මා වග බලාගත්තේ ඔවුන්ට අනවශ්‍ය බියක් ඇති කිරීමට මා සිත් නොවූ නිසාය...
නමුත් මා පෙලෙන මේ අපහසුතාවය නිසාවෙන් මා මානසික පිස්සෙක් වේ යැයි මට හැගෙන්නටද වුනි... කරාආආඅස්ස්ස්ස්..... මාගේ කාමරයේ ජනේලයක් මේ ලෙසින් විවර වන්නට වූයේ මාගෙ බිය තවත් වැඩි කරවමින් ය.. විදුලි පන්දම මා ඒ වෙත දිගු කල මුත් කිසිවක් එහි නොවීම මා සිත් සැනසුවේය.. නමුත් කිසිම සුළගක් නැතුව මේ ජනේලය කෙසේ විවෘත වූවාදැයි මට සැක පහළ වූයේ ඉන් පසුවය... හිත හයිය කරගත් මා අඩියෙන් අඩිය ඇදෙන් බැස ජනේලය වෙත පියනැගුවෙමී.. ජනේලයෙන් එපිට අන්දකාරය ඇරෙන්නට කිසිත් නොවීය.. බියට පත් වීමටකිසි කාරණාවක්නොමැති වූ නිසාවෙන් මා ජනේලය වසා ඇදට ආවෙමි... ඉතිපිසෝ ගාතාව තුන් සැරයක් කියා මාගේ පෙම්වතිය වන සඳූ ගැන සිතමින් මා සිටියෙමි.. හෙට ඈ හමුවීමටද යාමට ඇති නිසා ඉවසිල්ලක් නැති මට ඒ අයුරින්ම නින්දගොස් ඇති බව වැටහී ගියේ උදේ පාන්දර එලාම් එක මෙන් කෑගසනා අම්මාගේ කටහඩ ශ්‍රවණය වීමෙන් පසුය...
පුතා ශශික... මේ තේක නිමෙනවා ලමයෝ... ඉක්මනට බොන්න. අද මට නැන්දලගේ ගෙදර යන්නත් තියෙනවා..." අම්මා මෙලෙස කීවායෙන් මා දඩිබිඩියේම ඇහැරුණේ මාගේ හොර ගමනද යාමට ඇති නිසාවෙන් ය...
හම්මෝ.හරි මහන්සී... ඇදට ආ මන් මටම කියාගත්තේ අද දවසේ මා කාපු කට්ට නිසාය.. අම්මා" අම්මා " කිසි පිළිතුරක් නොවූයෙන් මා ගියේ කුස්සිය දෙසටය... පුතා අද අපිට එන්න වෙන්නෙ නෑ නංගි මමයි අද මෙහෙ නවතිනවා ලෙස කෙටි පණිවිඩයක් මා හට ලැබුනේ මා හට මළ හත්තිලව්වයි කියවමිනි.....
කුමක් කරන්නද.. අපගේ නිවස පිහිටි ස්ථානයේ සිට අඩුම මීටර 200 ක්වත් ඈතින් ඊළග නිවස පිහිටා ඇත... මේ රෑ කොහේ කියලා යන්නද...ඒ අතර මාගේ රාත්‍රී හැසිරීම මතක් වී හීන් දාඩිය දැම්මේ මා හට නොදැනීමය..වෙන දෙයක් වෙච්චාවේ ඕනි මගුලක්.. යැයි සිතාගත් මා නාගන ඔම්ලටි එකක් හදාගෙන කාලා පොඩි මලක් කැඩුවෙමි... නොදැනුවත්ම රාත්‍රිය උදාවූයේ මාගේ බිය ටිකක් වැඩි කරවමින් ය... දත් මදින්නටත් එලියට යන්නට මැලි වූ මා ජනේලයෙන් මුත්‍රා කර නින්දට සූදානම් වූයේ මොන මරාලයක් කඩා පාත්වේදැයි බියටය...
කුස්සියට ගිය මා වතුර වීදුරුවක්ද රැගෙන පිරිත් විකාශය වන රේඩියෝ චැනලයක් අල්ලා මහ හඩින් පිරිත් දැම්මේ බයටමය. අන් කිසිම දිනක බුදු සරණ නොපතන මට අද එක වරම මේවා සිහිවූයේ මාගෙ හිතේ ඇති බිය නිසා වෙන්නට ඇත.. සඳූට ගුඩ් නයිට් කියා උම්මා ගොඩක් දීලා නිදාගන්නට සැරසුණා පමණි...
පිරිත් විකාශය නතර වී ඇත.. මොන හත්තිලව්වක්ද කියා කියවුණු මට නැවත කුස්සියට යාමට සිතුනේ ඇයි දැන් නොදනිමි.. විදුලි පන්දම අතට ගත් මා සෙමින් සෙමින් ඇදුනේ සින්දුවක්ද මුමුණමින් ය... එක වරම මා හැඳ සිටි සරම කඩා හැලුනේ යමෙක් ඇද්දා මෙනි.. නිවුටල් සිටි මට හු... කියා කියවිනි... බැලින්නම් සරම මේසයක තිබූ ඇණයක දැවටීම නිසා ඇද වැටීම නිසා බව මට වැටහුණි... සරම හැද සැනසුම් සුසුමක් හෙලූ මන් කුස්සිය දෙසට පය ඉක්මන් කර ගියෙමි...
කුස්සියේ බල්බය දමා මා රේඩියෝව ලගට ගිය විට දැක්කේ එයින් දුම් යන ආකාරයි.. කෙලියා තාප්පෙට... අම්ම ආවම හොඳ දෙහි ටිකක් කපයින්මට... කියනවාත් සමග සියල්ල යටපත්කරමින් හූ හඩක් ඇහුනේ මට මුත්‍රා යන්නටඔන්න මෙන්න වෙන්නට මෙනි... ඒ සමගම විදුලි බල්බයද නිමි ගියේ අදනම් කෙලවෙනවා යැයි කියා මට හැගෙන පෙරනිමිති ලෙසය... වහාම විදුලි පන්දම දල්වාගත් මා කාමරය දෙසට දිව්වේ පණ බයේය... කොහේද සිටි හූණෙක් මගේ දකුණු අතර වැටුනේ මාව බිය කරවමිනි... හූණෙක් ඇගට වැටීම අසුභ ලකුණක් ලෙස මා දන්නා නිසාය.. බූලාද මහ හඩින් බුරයි... ඒ අස්සෙව් ඌ කණපට තලන්නේ කුමක් හෝ විශාල් අකරතැබ්බයක් වෙන්නට යනවා යැයි මට හැගෙමින් ය... මාව වෙව්ලන්නේ කිසිදා මෙවන් අත්දැකීමක් නොලැබ ඇති නිසාය..
ටග්ගාලා අම්මට ගන්න ඕනි කෝල් එකක්... ඔබ අමතන අංකය මේ මොහොතේ... හු.. මට කියවිනි... මොනා කරන්නද?? මට මහත් අසරණකමක්.දැනෙන්නට වීමි... එ අස්සේ පෙරදා ඇරුනු ජනේලයද කරාස් ගා ඇරුනේ මටදෙලොව සිහිකරවමිනි...
මෙවරනම් මා දකින්නේ සිහිනයක්‍යැයි මට සිතිනි.. මා කොනිත්තා බැලුවද මට එය රිදිනි... ජනේලයෙන් කාමරයට පැන්නේ සුදු හැදගත් කතකි.. ඇගේ සෑමතැනම කැපුම් පාරවල් ය.. හිසින් පණුවෝ පෙරෙන අතර ඈ මා වෙත ඉතා බිහිසුනු ලෙසින් බලමින් සිටී... මා විටින් විට සිහියට නගමින් හීනෙන් දකින කෑගසන මුහුණ මෙය බව මට පසක් විය... ඈ මා වෙත එන්නීය.. මා ඉතිපිසෝ ගාතාව මතුරමින් අත් දෙකෙන් මූණ වහගත් නමුත් මට මුත්‍රා යාම පාලනය කරගත නොහැකි විය.. අහෝ.. කිසි චලනයක් නැත.. මා දෑස් හැර බැලුවෙමි.. කිසිත් නොවීය... සැනසුම් සුසුමක් හෙලූ මා බියෙන් වෙව්ලන්නට වීමි...
ඉතිපිසෝ ගාතාව නැවත කියා මා ඇදට පැන්නේ කෙසේ හෝ එලි වේනකන් නිදාගන්නා ලෙසටය.. නමුත් මාගෙ කොට්ටය පසුපස කුමක් හෝ ඇති බව වැටහුනේ ඊට පසුය. අත දාමූ මට අහුවුනේ යතුරකි...
මේ යතුර කොහෙන් ආවද.. මලකඩ කැ එකකි.. මොන මගුලක්ද කියා ඒක විසික් කල මා නිදාගතිමි.. උදේ 7 ට පමණ අවදි වී මා කොට්ටය දෙසට අත යොමු කලේ පෝන් එක ගන්නටය..ඈ... අර යතුර නැවතත් පැමින ඇත. මොන මරාලයක්ද කියා මා නොදනිමි...පෙර දින වූදෙය හීනයක් ලෙස මට මතක් වූ අතර මට එය විටින් විට මතක් විය..
උදේම දොර ඇරිය මට ආපහු දොර වහන්න සිතුනේ ඈතින් පෙනෙන ඔංචිල්ලාවේ කතක් මා දෙස බලා සිටින නිසාය.ම් පෙරදින රාත්‍රියේ මා වෙත පැමිණි කත ඇය විය... ඇය මා දුටු සැනින් යන්නට ගියේය.. මා ඒ දෙසට ඇදී ගියේ අචේතනාත්විකවය... ඇය නවතින්නෙ නැත.. අපගේ වත්ත පහල ඇති අබලං වූ මුරපොල දෙසට ඈ යන්නට විය.. ඈ ගරාවැටුනු මුරපොල වෙතට ගොස් නොපෙනී ගියේ මට එන්න යැයි සැල කරවමින් වගේය්....
මොන ලබ්බක්ද.. මට කියවුනී.. බියද මා හට ඇති වී ඇත.. නමුත් මොකක් හරි මගුලක් වෙද්දෙන් මන් යනවා.. මෙලෙස සිතාගත් මා එදෙසට පියනැගිවෙම්.. හම්මට මලකඩකාපු දොරක්.. මේක අරින්න කොහොමද.. එතකොටම මට අර මලකඩ කෑ යතුර මතක් විය... කාමරයට ගොස් නැවත දිව ආ මා එය ඇතුලට දාන්න සැදුවෙමි.. ටිකක් හිර උනත් යතුර හෙමීට හිල ඇතුලට ගියේ කිරි කිරි හඩ නංවමින් ය.. ටොකොස්.. දොරේ ලොක් එක ඇරුනේ මන් එය පලවෙනි පාරට ලොක් එක කැඩූ එකා සේය....
ඇතුලේ පුස් ගද ඇරෙන්නට වෙන කිසිවක් නොවීය... වට පිට බැලූ මට කුණු ගදක් ආවේ සතෙක් මැරී ඇති බව පසක් කරවමින් ය.. අවට බැලූ මට ඉටිකවරයක ඔතා යමක් බැරල් එකක දමා ඔතා ඇත... මේ මොකක්ද. මේ මුරපොලට වසර 10ක පමන සිට කිසිවෙක් පැමිනෙන්නෙ නැත. කිසිම අයෙක්.මේ පැත්තටයන්නෙත් නැත.. අපේ තේ වත්තේ සේවකයන්ට අලුත් මුරපොලක් පියා විසින් සාදා දුන්නේ වසර කීපයකට පෙරය...
බැරලය පිටින් නාසය වසාගෙන එලියට පෙරලගෙන ආ මා එය විවුත කලෙමි... අහෝ දෙවියනී.. මට ලොව එපා විනි.. මට බයට කෑගැසුනි.. ගැහැනියක් පෙති පෙති කපා කවරයකට දමා ඇට...කෑගසාගෙන මා ගෙදර් දිව්වේ පොලිසියට කෝල් එක්ක් ගන්නා අටියෙනි...
හෙලො සර්.. හෙලො.. කවුද මේ කතා කරන්නෙ.. මන් මන්.. හෙලො.. මට සිහියක් නැත.. සර් හදිසියක්. මන් වීරසේකර මුදලාලිගෙ ලොකු පුතා. සර් හෙලො.. මට කියාගන්න බෑ.. හදිස්සියක්.. ඉක්ම්න්ට මෙහෙ එන්න.. හෙලො... එපමනකි.. මාගේ හතිය හා බීතිය නිසා මා ගොලු වුනෙමි...
පැය කාලක් ගියේ නැත..පොලිස් ජීපය පැමිනියේ සතර දෙනෙක් සමගය.මොකක්ද පුතා උනේ.. මා කිසිත් කතා නොකර ඔවුන්ව වත්ත පහලට එක්කන් ගොස් ශරීර කැබලි ටික පෙන්නුවේය.. අහෝ.. මීට සතියකට පෙර අපගේ වත්තේදී දුශණය කර මරා දමා ඇති බවට සැක කෙරුණු 18 හැවිරිදි දැරිය ඇයයි.. එයට වැරදිකරු ලෙස අපගේ පියා රිමාන්ඩ් ගතවී දැනට දවස් පහක් පමණ වන්නේය...
මරණ පරික්ශනයෙන් සියල්ල හෙලි වූ අතර වත්තේ වැඩ කල නිසාම් නම් තරුණයා සහ පැතුම් යන අය වැරදිකරුවෙන් ලෙස ඔප්පු වූ අතර අපගේ පියා නිදහස ලැබූවේය. මෙය වහා දැනගත් මව මා බදා හැඩූ අතර මන් ඈට සියල්ල පැවසුවෙමි...
පොලිසියට මා කටෞට්තර දුන්නේ වත්ත පහලට මලක් කඩන්න යන විට කුණු ගදක් ආ නිසා මුරපොල විවුත කල භවය... මින් පසු මා පොඩි හාමුදුරුවෝ ලගට කැටුව ගිය අම්මා ආරක්ශක නූළක් දමා දෙහිකපා ගෙදර එක්ක ආවෙමි... එදායින් පසුව කිසිම බියවීමක් රෑ නින්ද නැති වීමක් නොවුනු අතර අප පවුලේ සියලු දෙනා සතුටින් ජීවත් වුනෙමු....
නිමි...
No comments:
Post a Comment
wetting please