Ghost videos download, ghost photos download. Ghost danger notes, ghost funly notes, ghost film download , හොල්මන් ෆිල්ම් , හොල්මන් අවතාර ගැන දන්න ඇත්ත
Tuesday, December 12, 2017
The confession of a deceit
අමනුෂ්යයෙකුගේ පාපෝච්චාරණය.
මෙය සිදු වූයේ ලඟ ගෙදරකය. පෙනෙනා තරම් දුරක වූවත් නිතර එහෙ යාමෙන් ඊමෙන් වෑලකී සිටින්නට සිත් වන්නේ මන් දෑයි මටම නොතේරේ. පිටින් බලන විටම මහ පාළු ස්වභාවයක් දිස් වෙන මෙහි මිනිස් වාසයක් ඈති බව දන්නෝ පමණක් දනිති.
ඒ ගෙදරත් සමග ආශ්රය තබා ගන්නේ සිංහල අවුරුද්දට යාම් ඊම්, හදිසි ලෙඩ දුකකට බලන්නට යාම් ඊම් වෑනි දෙයින් පමණි. වරක් සිංහල අවුරුද්දට එහි ගිය වේලාවේදී සොල්දරය උඩ පිටි කොටන, කෑවුම් බදින හඬ වෑනි දෑ ඈසෙන්නටද සුවඳ වෑනි දෑ දෑනෙන්නටද වූයෙන් මම මහත් ඕනෑ කමින් ඒ ගෑන අසා සිටියෙමි. මගේ කුඩා පුතු ද ඒ හඬ අසා සොල්දරයට නගින්නට යන විටම ඒ ගෙදර හෑනෑත්තිය මගේ කුඩා පුතුගේ අතින් අල්වා නවතාගෙන, තරප්පු පෙල කෑඩිලා පුතේ, හෑදුවාට පස්සෙ නගිමු දවසක, කියා ඔහුව වලකා ලීය. අවුරුද්දට කවුරු හරි ආවාම උඩ කට්ටිය වෑඩ පටන් ගන්නවා යි ඈය කියන විටම උණු තෙල් තාච්චියකට කෑවුමක් දමන විට නෑගෙන “චෝෂ්” හඬ එක් වරම හොඳින් ඈසුණි. ඈය උඩට ඈඟිල්ල ඔසවා පෙන්වත්ම නිහෑඬියාවක් ආරම්භ විය.
විශ්වාස කරන්න බෑරි පුදුම දේවල් නේද මේවා,යි මම ඈයගෙන් ඈසුවේ මගේ පුතාද ලඟ සිටි නිසා වෑඩි විස්තර ඈසීම හොඳ නෑති යයි සිතුණු නිසාය. ඒ සමගම ඔළුවෙන් මට සංඥා කළ ඈය , පුතා බය වෙයි නගින්න දෙන්න එපා කියා සිහින් හඬින් මට කීවාය. මේ ගෑන නොදෑන සිටි මා හට මෙය මහත් ප්රහේලිකාවක් විය. දවසක් මම කඩයට ගොස් එන විට මඟදී මුණ ගෑසුණු ඈය මට විස්තරය පහදා දුන්නාය. එතෑන හරි දෝෂ තියෙනවා. අපිට නම් අහලම පුරුදු වෙලා ගානක් නෑහෑ. පොඩි පුතා බය වුනොත් එහෙම ගුරුකම් කරලා ඉවරයක් නෑතිවෙයි කියලයි එදා නගින්න දුන්නෙ නෑත්තෙ, කියා ඈය මට පහදා දුන්නාය.
කල් ගත වත්ම ඔවුනට නා නා ප්රකාර ප්රශ්ණ වලට මුහුණ දෙන්නට වූ අතර දේපොල වතුපිටි විකුණා නඩු කියන්නට තරම් ප්රශ්ණ උග්ර විය. නොසිතූ ඉඩම් නඩු වලට පටලෑවින. අපට පෑත්තක සිට බලා සිටීම හෑර කරන්නට දෙයක් නොවිණ. නඩු වලට වියදම් කිරීමට ඔවුන් සතු දේපල පිට විකුණන්නේ සිල්ලර ගණන් වලට වීමත්, අහල පහල අයෙකුට පර්චස් 40ක් තරම් ඉඩම් කෑබෙල්ලක් ගෙයක් සාදා ගෑනීමට වත් නොවිකුණන්නේ මන්දෑයි කල්පණා කල බොහෝ අය ඔවුන් සමග හිත් නොහොඳ වූහ.
ඒ අතරතුර මොවුනට තවත් මරාලයක් කඩා පාත්විය. හිටි ගමන් ගෙදරට රෑ 7.30 වන විට වහලයට ගල් වර්ෂා ඈද හෑලෙන්නට විය. ඔවුන් උමතුවෙන් මෙන් ඒ මේ අත දුවන්නටත් විදුලි පන්දම් දල්වාගෙන එහෙ මෙහෙ දුව්න්නට වීමත් රාත්රියේ දී සුලබ දසුණක් විය. අහල පහල අයෙකුට කරදරයක් වූ විට අසල් වාසීන්ගේ සිරිත වූයේ එහි ගොස් විපරම් කිරීම නිසා මම ද එක් දිනක් එහි ගොස් එහි සිටි ලොකු පිරිමි ළමයාගෙන්, "ඈයි මල්ලි ගෙදර වටේ දුවන්නෙ, හොරෙක් වත් ආවාද"? යෑයි ඈසුවෙමි. එහෙත් ඔවුන්ගේ පිළිතුර වූයේ නෑ මේ අපි සෙල්ලම් කර කර හිටියෙ. ඒක අයියා දෑක්ක නිසා වෙන්න ඈති එහෙම හිතුවේ කියා ඔහු පිළිතුරු දුන් හෙයින් වෑඩිදුර නොවිමසා මම ආපසු ගෙදර ආවෙමි.
එහෙත් පසු දින සෙනසුරාදා වූ හෙයින් එම ගෘහිමි කාන්තාව අපේ ගෙදර ආවාය. බලන්නකො පුතා අපට වෙලා තියෙන කරදරේ. හෑමදාම රෑ 7.30ට වහලෙට ගල් ගහනවා. කවුරුද කියලා හොයා ගන්න බෑහෑනෙ. මෙය මට පුදුම සහගත දෙයක් විය. ඒක තමා, මම හිතුවා මොකක් හරි ප්රශ්ණයක් කියල. ඊයෙ රෑ මම ආවා එහෙ. ඒත් මල්ලි මට කිවුවෙ අපි සෙල්ලම් කර කර හිටියෙ කියලා. ඉතින් මම ආපසු ආවා,යි ඈයට කියා, යම් ගුරුකම් අතේ වෑඩක් වත් ඕකට කරවා ගන්න කියා උපදෙස් දුන්නෙමි.
තවත් දින දෙකක් තුනක් මෙම කළබෑගෑනි තත්වය තිබී එක් වරම නතර විය. මම හිතුවේ ඔවුන් යමෙකුට කියා ගුරුකමක් කරවා ගෙන ඒ කරදර අවසන් වූවා යෑයි කියාය.
එහෙත් සති දෙකකට පසු නෑවතත් ලෙඩේ පටන් ගෑණින. මෙවර අමතර කෑල්ලක් එකතුවී ඈත. වෑට මායිමකින් පටන් ගන්නා කොල පෑහෑති පෙන් ටෝර්ච් එලියක් දකුණු වෑට මායිමේ සිට වෑටෙන් පෑන වත්තට ඈතුළු වෙයි. අඩි පාර දිගේ එන, අත පෑද්දෙන ආකාරයට ඉස්සරහට පස්සට යන මෙම පෙන් ටෝර්ච් එලිය මෙම ගෙදර ඉස්සරහ නවතියි. ටික වෙලාවකින් ගෙදරට ගල් වෑසි වසින්නට පටන් ගනියි. ගෙදර කට්ටිය ගෙදර වටේ දුවයි. ඔවුන් ගෙදර පිටු පසට යනවිට පෙන් ටෝර්ච් එලිය නෑවත දෑල්වී ඉදිරියට ගමන් කර එහා වෑට පෑන ( උතුරු මායිම ) එහා වත්තට ඈතුළු වී ඒ වත්ත මෑද්දේදී නොපෙනී යයි.
මේ නිවස ඉදිරිපසින් පෙනෙන මානයේ වූ අප නිවසේ මිදුලට මෙම අපූර්ව ක්රියාව හොඳින් පෙනේ. මම බිරිඳටද පුතාටද කතාකර මෙය පෙන්වූ මම ඔවුනට මෙතෑන සිට බලා සිටින්නට කියා එම නිවසට ලඟා වුනෙමි. ඒ වන විට ඒ ගෙදර ලොකු පිරිමි ළමයා සහ තවත් කිහිප දෙනෙක් එතෑන ඉස්සරහ පෝටිකෝව ලඟ වාඩි වී හති අරිමින් උන්නහ.
ඔහුට කතා කළ මම ඔහුව පසෙකට කෑඳවා මා අපේ ගෙදර මිදුලේදී දුටු දෙයත්, ඔහුගේ මව පෑමිණ මා සමග කී විස්තරයත් ඔහුට කියා, මෙවන් කරදරයකදී කරුණු නොසඟවා කියන ලෙසටත් ඔහුගෙන් ඉල්ලා සිටි මම ශාන්තිකර්ම අතේ දෙයක් කර මෙය අවසන් කර ගන්නා ලෙසත් ඔහුට කීමි.
ඔහු කීවේ ඊ ලඟට එන සෙනසුරාදා ඔෆිස් එකේ යාලුවෝ කට්ටිය ඔක්කොම එන බවත් ඔවුන් සමග මෙය කරන්නේ කවුරුදෑයි සොයා බලන බවත් ය. එයද අනුමත කළ මම ඉන් සහනයක් නොලෑබුණ හොත්, මා කී දෙය ගෑන ත් අවධානය යොමු කරණ ලෙස ඉල්ලා, එදාද මම ආපසු ආවෙමි.
ඒ සෙනසුරාදා ඔහුගේ කාර්යාල මිතුරෝ පහලොස් දෙනෙක් පමණ පෑමිණ සිටියහ. පාර අද්දරට වී කථාවක යෙදී සිටි තුන් දෙනෙක් මා සමග කතාවට වෑටුණහ. මම ඉස්සරහ ගෙදර හිටියට මේ ගොල්ලො මේ කරදරය ගෑන කිව්වෙ නෑහෑ, මම අහලත්. ඔයාල දෙන්නෙක් විතර අපේ ගෙදර ලඟ ඉඳලත් බලා ඉන්නකො. අරෙහෙ ඉඳන් මෙහාට ගමන් කරණ ටෝර්ච් එලිය බලා ගන්න. කියා මා දන්නා විස්තරය ඔවුන්ටද කීවෙමි.
රාත්රි හත හමාර වන විටම කොල පෑහෑති පෙන්ටෝර්ච් එලිය වෑටෙන් මතු වී මිදුලට පෑමිණුනේය. එතෑන නතර වී ගල් වර්ෂාව වහලයට එල්ල කරන්නට විය. වෙනදා පුරුද්දට ඔවුන් ගෙදර වටේ දුවන විට මිදුල හිස් වූ පසු ටෝර්ච් එලිය නෑවත දෑල්වී එහා වෑටෙන් පෑන අනෙක් වත්තේ මෑදක් දුර දක්වා ගමන් කර අතුරු දන් වන හෑටි මම ඔවුන්ටද පෙන්වූයෙමි.
එහෙත් එතෑන හිටි තුන් දෙනා ගෙන් එක් අයෙකුට මෙය නොපෙණුන බව ඔවුන් මට කීහ. කළබලය සන් සිඳුණු පසු නෑවත එතෑනට ගිය මාත් ඔහුගේ මිතුරන් තිදෙනාත් අප දුටු විස්තරය ඔහුට කීවෙමු.ටික වෙලාවක් එතෑන ගත කළ මා ආපසු ගෙදර ආවෙමි.
දින දෙක තුනකට පසුව ගෙදර අය රෑ මිදුලේ ඉන්නවා දුටු මා බිරිඳට ද කියා තනිවම එහි ගියෙමි. එහි යන විට වයස අවුරුදු පහලොවක් පමණ වූ ඔවුන්ගේ ඥාති පිරිමි ළමයෙක් ද එතෑන මිදුලේ සිටියේය. ගෙදර අය ඔහුට කළුවෙ කියා ආමන්ත්රණය කළද, මම ඔහු දුටු විට කළු මල්ලි කියා ආමන්ත්රණය කරන්නට පුරුදු වී සිටියෙමි. මා දුටු ඔහු එක් වරම කෝපාවිෂ්ඨ වී, තමුසෙ මොකද මෙහෙ ආවෙ? කිය මගෙන් ප්රශ්ණ කිරීම මට මහත් විමතියට කරුණක් විය.
ඈයි මල්ලි, ඔය ගොල්ලන්ට කරදරයක් වුනාම බලන්නට එනකොට ඔහොම කථා කරන්නෙ? යි මම ඈසුවෙමි. ඔහු නුපුරුදු හඬකින් මට අමතා අන් අයට සන් කොට එන්නට එපා යයි කියා, මා සමග ඔවුන්ගේ මිදුලේ මගක් දුරට ආවේය. කටහඬ අවදි විය. තමුසෙ ඉස්සරහ ගෙදරින් බඳින්න ඉන්න එක්කෙනාද? මොහු ඈසූ ප්රශ්ණයෙන් මා අන්දුන් කුන්දුන් විය. මම විවාහක බව මොහු දන්නේය. ඈයි මල්ලි, මම බෑඳලා ඉන්නෙ කියලා ඔයා දන්නවනෙ? මම කී විට ඔහු කීවේ, මට මල්ලි කියන්න එපා තමුසෙ. මම මෑරුණෙ තමුසෙ මෙහාට එන්න ඉස්සර වෙලානෙ, කී විට මම අන්දුන් කුන්දුන් වීමි. ඔයා කවුද එතකොට ?
මම තමයි "ඒ බී". එහි වාසය කර මම මෙහි පදිංචියට එන්නට ප්රථම ඔහු ඈත ගමකදී මිය ගොස් ඈත. කාරණය කිසිවෙක් දන්නේ නෑත. මට තමුසෙත් එක්ක පෞද්ගලික කාරණාවක් තියෙනවා කියන්න. ඒක නිසා මේක අහගෙන ඉන්නවාකො. හෑබෑයි මෙහෙ අය එක්ක වත්, තමුසෙගෙ ගෙදර අය එක්ක වත් කියන්න එපා, යෑයි කියමින් දිග හෑල්ලක් දිග හෑරියේය. තමුසෙ බඳින්න ඉන්න කෙනාගෙ මහ මෑන් මහ ජරා මිනිහා. ඌ මගෙ පෞද්ගලික ජීවිතේට ඈඟිලි ගෑහුවා.
ඒ නිසා මම ඌට කොඩිවින කෙරෙවුවා. උන් ඔක්කොම හෑඳිගෑවිලා යන්න කියලා. අනෙක් ගෙවල් වල එවුනුත් මට එහෙම කළ නිසා මම උන්ටත් ඒවාම කෙරෙවුවා. ඒ වුණාට කරුමෙ ඉස්සර වුණා. කවුරු හරි ආපසු කෑපුවා. මම හොයා ගන්න ඉස්සෙල්ලා මට කෑරකිලා පත්තු වුණා. මළාට පස්සෙ තමයි ඒවායෙ ආදිනව මට තේරෙන්න ගත්තෙ. මම තමුසෙගෙ ගෑණිගෙ මහ එවුන්ට කරපුවාත් මට ආපසු පළ දුන්නා. මෙහෙ කට්ටියව හූනියම් ජප කරවන්නයි, ඒවා වත්තෙ වළලන්නයි සෙට් කරලා දාල, මම උන් ට්රිප් එක්ක ගියා. ඒත් ඒක උන් ගානට අයින් කරවාගෙනද කොහෙද? උන් දෑන් හොඳට ඉගෙන ගන්නවා නේද? යි මගෙන් ඈසීය.
ඕවා කලාම ආපසු කෑරකෙනවානෙ. ඒක දන්නෙ නෑත්ද? යි මම ඈසූ ප්රශ්ණයට ඔහු එය පිළිගත් බවක් අඟවා, ඒකට වඩා තමුසෙට රහසක් කියන්න තියෙනවා . තමුසෙ ඒක ඈහෑවුවොත් මගෙ මූණට කෙලත් ගහයි. මා එවිට සිනා සී කිවුවේ ඒ කෙල වදින්නෙ මේ ළමයගෙ මූණට නෙ. ඉතින් මට පවු සිද්ද වෙනවනෙ එතකොට කිවූ පසු, ඔහු මගේ කණට කර පොරොන්දුවක්ද ගෙන රහස කීය.
ඔය එහායින්, පහල ගෙදර ඉන්න කොල්ලගෙ තාත්තා ඔය ඒ ගෙදර මිනිහා නෙවෙයි. මගෙ යාළුවා. "-------",මම කියලයි, වෑඩේ සිද්ධ වුනේ යි රහසක් නිරාවරණය කළේය. ඉන් පසු තමා ගෑනම දුක් වුනේ තමා ඉන්නා තත්ත්වය ගෑන දෑන් අවබෝධ වූ නියායෙනි. මම ඔහුගේ සිත සනසන අටියෙන් ගෙදර කට්ටිය පින්කම් කරලා පින් අණුමෝදන් කරවනවානෙ. ඒවා අනුමෝදන් වෙලා ඔතෑනින් අයින් වෙන්න කො, කිව්වාම ඔහු තව රහසක් එලි කළේය. නෑවත පොරොන්දුවක් ද මගෙන් ගත්තේ ය.
මේ ගමන රහස ඔහු ගේ බිරිඳ ගෑනය. මම ඕකිව බෑන්දෙ නෑහෑ. පාස් පොත් ෆෝර්ම් දෙකක් ගෙනල්ලා ඒ දෙකේ සාක්කියට අත්සන් කරණ තෑනයි අයදුම් කරුගෙ අත්සන තෑනයි මාරු කරලා අත්සන් කලා, කසාද සහතිකේ ගන්න එක කියලා. “මේ ගෑණු මනුස්සයාට අකුරු කියවන්න බෑහෑ එහෙනම්”, යෑයි මම සිතා ගතිමි.
හොර කසාද සහතිකයක් ගෙනවා ඊට පස්සෙ. රුපියල් සීයක් වියදම් ගියා මට ඒ වෑඩේට, කියමින් භූත හඬකින් ඔහු සිනා සෙන්නට විය. ඒනිසා මෙහෙ ගෑනිගෙ පින් අණුමෝදන් වෙන්න වත් බෑරි තෑනක මම උපන්නෙ, ඒ පවට වෙන්න ඈති. තමුසෙලාගෙ එහා ගෙදර මහ මිනිහට හූනියම් කරන්න උපන් වෙලාව මට දුන්නෙ උගෙ අක්කා. අර පල්ලෙහා ගෙදරක ඉන්නෙ. කියන විට මට දෙවියන් සිහි විය. තම සොහොයුරාට හූනියම් කරවීමට සූදානම් අක්කලාත් ඉන්නවාදෑයි මට මහත් ප්රහේලිකාවක් විය.
මොකක්ද පාස් පොත් ෆෝර්ම් එක කියන්නෙ?. මා ඈසූ දෙයට මෙසේ උත්තර දුන් ඔහු අර මිනිස්සු රට යන්ඩ පින්තූර අලවලා පොඩි පොතක් ගන්නෙ ආන්ඩුවෙන්. ඒක තමයි. මොහු මේ කියන්නේ “පාස්පෝර්ට්” එක ගන්න ෆෝර්ම් වෙන්න ඕනෙ, යෑයි සිතුවෙමි.
මගේ සිතේ කුහුල දෑනගත් ඔහු නෑවතත් දොඩමළු විය. මම ඒ දීපු ෆෝර්ම් දෙක මගෙ යාළුවා “--------“ තවම ලඟ තියාගෙන ඉන්නවා. මම ඌට කිව්වෙ ඒ දෙක පුච්චන්න කියලා. මාව සවුත්තු කරවන්න ඌ ඒ දෙක තියාගෙන ඉන්නෙ. ඒ නිසා මම උගෙනුත් පලි ගන්නවා. තමුසෙ බලනවාකො ලඟදිම දවසකදි ඌ මලා කියලා ආරන්චි වෙයි. ඊට ඉස්සර වෙලා මම උගෙ කටින්ම තමුසෙට කියවන්නම් කො. උදේ වෙලාවක තමුසෙ ඔෆිස් යන්න පාරට යන කොට මුණ ගස්සවන්නම්කො. තමුසෙ දේවාලයක් දාගන්න කෑමති නම් මම තමුසෙට වරමක් දෙන්නම්. කෑමතිද? කියා ඔහු ඈසුවත් මා හට එතරම් උනන්දුවක් නොතිබූ නිසාත්, නොදන්න දේවල් කරන්නට ගොස් වරිගෙ නහ ගන්නට අකෑමති වූ නිසාත්, මම අකෑමතිබව වත් නොඅඟවා නිශ්ශබ්ද වුනෙමි.
ඔහුගේ මෙහි කිවු මිතුරා දිනක් මම අළුයම කාර්යාලයට යාමට බසයක් එන තුරු සිටින විට බස් නෑවතුමේදී මුණ ගෑසිණ. ඒ බී කිවු ආකාරයටම ඔහු සියළු දේවල් මට කියා ඔහුද සිතින් දුක් විඳින බව ද කියමින් වෑලපෙන්නට විය. මේ බවක් නොදන්නා තමාගේ අනෙක් මිත්රයා ( පහල ගෙදර මනුස්සයා ) තවමත් ඔහුට පෙර සේම මිත්රයෙකුට මෙන් සලකන එක ඔහුට දරා ගත නොහෑක්කක් බව කියමින් වෑලපුනේය.
මේ කළබෑගෑණිය ගත වී වසර කිහිපයකට පසුව මම මගේ ආර්ථිකය ගොඩ නඟාගෑනීම සඳහා විදේශ ගත වූයෙමි. වසර දෙකකට පසු පළමු නිවාඩුව ගත කිරීම සඳහා මම ආපසු ලංකාවට එන විට මට ආරංචි වූ පළමු දෙය වූයේ රාත්රි කාලයකදී යමෙක් ගෑසූ පොළු පහරකින් "ඒ බී" කිවු එකී පුද්ගලයා “--------“ මිය ගොස් ඈති බවත් අද වන තුරු තොරතුරු රහසක් බවත් ය. ඉතිරි දේවල් සමහරක් කියූ ලෙස සිද්ධ වූ අතර මෙහෙමත් අමනුෂ්යයෝ ඉන්නවා නේද යෑයි මට සිතිණ.
Subscribe to:
Post Comments (Atom)
Featured Post
-
ගොරකාන කනත්ත මෙයද මට සිදු වූ සත්‍ය සිදු වීමකි. මම ඒ දින වල කොළඹ සති අන්ත පන්තියකට සහභාගි වුනෙමි. මා නතර වූයේ පානදුරේ සිටි මිත්‍රයෙකුගේ ගෙ...
No comments:
Post a Comment
wetting please