👊2009👊වර්ෂයේ තඹුත්තේගම සිදු වූ සත්‍ය සිදුවීමකි නිර්මාණාත්මකහේතුන් මත ඇතැම් සිද්ධීන් නිර්මාණය කර ඇත මේ කතාව සීයට සීයක් සත්‍ය සිදුවීම බැවින් මෙය විශ්වාස කිරීම අවිශ්වාස කිරීම ඔබ සතු වගකීමකි:
👊 කටු කම්බිය 👊
ඒ දින සිකුරාදා දිනයකි ෆොන්සේකා යනු අවුරුදු හතළිස් පහක පමණ පුද්ගලයෙකි .මොහු ඇතුළු මොහුගේ පවුලේ හතර දෙනෙක් විය .සුපුරුදු පරිදි ෆොන්සේකා එදිනෙ ද අලුයම අවදි විය .අවදි වී සුපුරුදු පරිදි මුහුණ කට සෝදා ගත් ෆොන්සේකා තම බිරිඳ වන නන්දාවතී විසින් සාදා දුන් තේ කෝප්පය බී අවසන් විි බුලත් විටක් කටේ දමා ගත් ෆොන්සේකා ගම් මැද්දේ ඇති තම කුඹුර බලා පිටත් විය .සීතල සුළඟ කුරුල්ලන් ගේ හඬ ගමක සුන්දරත්වය මුසුවුණු හිමිදිරි උදෑසන ම ෆොන්සේකා උදැල්ල කරේ තබා ගනිමිනි ගම් මැද්දේ ඇති තම කුඹුරු බලා පිටත් විය.බුලත් විටක් සපමින් ගුරැ පාර දිගේ ෆොන්සේකා ඉදිරියට ඇදී ගියේය ගුරු පාර දෙපැත්තෙම මා නම් පඳුරු වලින් පිරි ගියේ ය .ගුරු පාර දිගේ ටිකක් දුර යන විට මුලින්ම හමු වන්නේ පාසලය.පාසල පසුකරනවාත් සමගම හමුවන්නේ සොහොන් කනත්ත ය .කොතරම් උදෑසන වුවත් සොහොන් කනත්තක ව තිබූ පාළු ගතිය මූසල කම මග හරින්නට බැරි විය .ෆොන්සේකා තරමක් බිය පුද්ගලයෙකි .හොල්මන් අවතාර ගැන ගම්මු කියන කතා සොහොන් කනත්ත ගාවින් යද්දින් ෆොන්සේකා ට මතකයට නැගිණි .නමුත් ෆොන්සේකා තම කුඹුරට උදේ හවස ගමන් කරන්නේ මේ සොහොන ගාවින් ය එම නිසා ෆොන්සේකාට එය එතරම් ගානක් නොවීය .උදෑසන 8 පමණ වන විට ෆොන්සේකාට තම කුඹුර බලා යාමට හැකි විය .වක්කඩ දෙක තුනක් සැකසු ෆොන්සේකා .කුඹුරේ කැඩී ඇති නියරවල් පිළිසකර කළේ ය .ඔහුට නොදැනී ම කාල වේලාව ගමන් කර ගොසින් ඉර දෙස බැලූ ෆොන්සේකා .වේලාව මධ්‍යහන 12 පමණ වි ඇති බවට තහවුරු කර ගත්තේ ය .කුසගින්නකුත් තිබූ හෙයින් .නැවත ගෙදර බලා පිටත් විය .නිවසට ගමන් කිරීමට පැයක් පමණ කාලයක් ගතවන බැවින් .ෆොන්සේකා ඉක්මණට නිවස වෙත පියමන් කරාය මධ්‍යහන 12.30 පමණ වන විට කනත්ත ගාව්න් ගමන් කිරිමට ෆොන්සේකාට සිදුවිය.උදැල්ල ද කරේ තබාගෙන කනත්ත ලඟින් පියමං කළේ ය .කරේ තිබූ උදැල්ල කවුරුන් හෝ එක් වරම පිටි පස්සට අදින බවක් ෆොන්සේකාට තේරුනි උදැල්ල සමඟ පොන්සේකා බිම වැටුණි ඇස් නිලංකාර වී ගිය ෆොන්සේකාට.කවුරුන් හෝ තමා වැටී සිටින ස්තානයේ තමා ළඟම වාඩි වී තමා දෙස රවා ගෙන ඉන්නා අයුරු දුටුවේ ය .ෆොන්සේක ඉතාමත්ම අමාරුවෙන් සිට ගත්තා ය නමුත් ඔහු ඇරෙන්න වෙන කවුරුත් එතැන සිටියේ නැත .ඉක්මනින් උදැල්ල අරගත් ෆොන්සේකා තම කකුලේ කුමක් හෝ යමක් ඇනි ඇති බව තේරුණු අතර තමාගේ කකුල් දෙස බලන විටය කටු කම්බියක් ඇනි ඇති බව දුටුවේ ය.එය ගලවා දැමූ ෆොන්සේකා එම කම්බි කෑල්ල අතින් රැගෙන වේගයෙන් නිවස දෙසට දිව ගියා ය .ඔහුගේ කලබල සහ බය වැඩි කමට .කම්බි කෑල්ල විසික් කිරීමට ඔහුට අමතක වීය.නිවස දෙසට වේගයෙන් දුවගෙන එන තම පියා දුටු ප්‍රියන්ත ද කලබල විය. නිවසට ගොඩ වීමට ෆොන්සේකා ට නො හැකි විය ඔහු සිහි මුර්ජා වී බිම ඇද වැටුණි ..👊
👊 ගුණදාස යනු අහල ගම් හතේම හොඳම කපු මහත්තයා ය .කුමක් හෝ භයානක දෙයක් සිදුවී ඇති බව ප්‍රියන්තට වැටුණි .වහාම තම බයික් එකට නැග්ගත් පියන්ත ගුණදාස කපු මහතා කැටුව ඒමට පිටත් විය .ගුනදාස කපු මහතා හමුවී සියලු විස්තරය පවසා සිටි ප්‍රියන්ත .නැවත නිවස බලා කපු මහතා සමඟ පැමිණි අතර .ඔවුන් දෙදෙනා නිවසට පැමිණෙන විට ෆොන්සේකා සිහිසුන්ව ඇද මතය වැටී සිටියා ය .කපු මහතා පැමිණ කහ වතුර වලට මතුරා ෆොන්සේකා ගේ මුහුණට ඉසිය.මඳ වේලාවකින් ෆොන්සේකා පියවි සීහියට පැමිණියේය වූ සිද්ධිය පිළිබඳව සියලු විස්තරය කපු මහතාට පවසා සිටියාය . අමනුෂ්‍ය බැල්ම වැටී ඇති බව .පැවසූ කපු මහතා ෆොන්සේකා ට දෙහි කපා නූලක් මතුරා අතේ බැඳ තුන් වරුවක් යනකමි තනිවම ගමන් බිමන් යන්න එපා ලෙස අවවාද කර ඔහු පිටව ගියේ ය .කාලය බොහෝ ඉක්මනින් ගතව ගියා ය .ෆොන්සේකා ගේ හැසිරීම් රටාවන්අමුතු විය .නිතරම හැමෝටම ඔරවයි.කරවල පුච්චා කෑමට පුරුදු විය .රෑ දොළහට විතර බත් කෑමට ය මොහු පුරුදු විය බිත්තර අමු අමු වේ ගිල දැමීමට ද ෆොන්සේකා හුරු විය .ටිකෙන් ටික කාලය ගතවී ගියේ ය.නන්දාවතී ඒ දින සුපුරුදු පරිදි මිදුල අතු ගැමට ව්ය.කුමක් හෝ දෙයක් ඉදලේ පැටළුණු බව නන්දාවතීට තෙරුණි අතින් අහුලා ගත් නන්දාවතී එහි කටු කම්බි කෑල්ලක් බව හඳුනා ගත්තාය .නන්දාවතී කම්බි කෑල්ල අතින් රැගෙන පිටු පසට හැරුණු .නන්දාවතී දුටුවේ තමා සිහිනයකින් වත් නොසිතු දෙයකි කලුම කලුපාට ගැහැනියක් තමා දෙස ඔරවා බලා සිටින අයුරු .නන්දාවතී දුටුවා ය .හොඳටම බියට පත් නන්දාවතී .මර ලතෝනි දි කෑ ගැසීමට වූවාය .අම්මගේ කෑ ගැසීමට බියට පත්වූ ප්‍රියන්ත වත්ත පහළ සිට දුව ගෙණ පැමිණියාය .අම්මා හොඳටම බියට පත්වී ඇත .කතා කර ගැනීමට නො හැකි විය .තරමක් සිහි විකල් ගතියක් ආරම්භ විය .සතියක පමණ කාලයක් ගෙවී ගිය ය.කපු මහතා ගෙන් වා .නුල් බැන්දාද .නන්දාවතීගේ බය වත් .සිහි මද ගතිය වත් අඩු නොවී ය .දැනට මත් මාස තුනක පමණ කාලයක් ගෙවී අවසන්ය .ෆොන්සේකාගේ පවුල අවුල් ජාලයක් විය .වෙලාව රාත්‍රි 12.00 ට පමණ විය .පියන්ත හොඳටම නිදි .නමුත් ඔහුට .කවුරුන් හෝ මොනවා හරි දොඩවන ශබ්දයක් ඇසුණි .ප්‍රියන්ත කාටත් හොරෙන් දොර ඇරගෙන එළියට ආවේ ය අම්මයි තාත්තයි කාමරයේ ඉන්නවද බැලු ප්‍රියන්තට දැකගන්න ලැබුනේ නොසිතූ දෙයකි .කාමරයේ තාත්තා නැත. අම්මා සුව නින්දේ පසුවෙද්දි තාත්තා කොහේ ගොසින් ඇත්තේ ද.ඔහු කල්පනා කළේ ය .කෙසේ නමුත් කුමක් හෝ ගුප්ත බලවේගයක් තම නිවෙසට අරක් ගෙන බව ප්‍රියන්තට දැන් හොඳටම විශ්වාසය .👊
👊ප්‍රියන්ත කට හඬ ඇහෙන දිසාවට ගමන් කළේය .කට හඬ එන්නේ පිළිකන්න දිසිනි .ප්‍රියන්තට හිතේ බයක් ඇති වුවද ඔහුට ඕන වූයේ පිළිකන්න දෙසින් එන ශබ්දය කුමක්ද කියා දැනගැනීමට ය .කුස්සියෙ දොර ඇර තිබූ දැක piyantha පුදුම විය .බිත්තියට මුවා වෙමින් ප්‍රියන්ත ඒ බී බැලිණි .ප්‍රියන්තගේ මුලු ඇඟම හිරි වැටී ගියා ය .පිළිකන්නේ ගිනි ගොඩක් ගහගෙන මොනවද පුච්චාගෙන කන්නනේ තමන්ගේ තාත්තා බව ඔහු දුටුවා ය .පුචිචා කන්නේ කරවල බව බව සුවඳින් piyantha වටහා ගත්තාය .තාත්තා මොනවාද මොනවද දොඩවමින් කරවල අමු අමුවේ කනවා දැකපු piyantha සිදු වෙන කුමක් දැයි කියා විමසිල්ලෙන් බලා සිටියාය .පොන්සේකා සුළු මොහොතකින් එතනින් නැගිට .ගේ ඉස්සරහ තිබූ කෙසෙල් ගසක ගාවට යන අයුරු පියන්ට දුටුවාය .ප්‍රියන්ත ඔහුට නොදැනෙන්න පසුපසින් හඹා ගියාය .ෆොන්සේකා කෙසෙල් ගසේ ගසා තිබූ කම්බි කෑල්ලක් අතට ගන්නා අයුරු පියාද දුටුවාය .එය හොඳින් පරික්ෂා කොට නැවතත් එම කෙසෙල් ගසෙහි ගසන අයුරු පියන්ත දුටුවාය .ප්‍රියන්තට කිසිවක් සිතා ගත නොහැකිය .ෆොන්සේකා එහෙමිම තම කාමරේට ඇවිත් නිදා ගන්නා අයුරුද ප්‍රියන්ත දුටුවාය .ප්‍රියන්තට එළිවෙනකම්ම නින්දක් ලැබුනේ නැත .කුමක් හෝ හෝ අදෘශ්‍යමාන බලවේගයක් තම නිවසේ හොල්මන් කරන බව ප්‍රියන්තට දැන් නම් හොඳටම විස්වාසයි .පසු දින උදෑසන ප්‍රියන්ත පිටව ගියේ කපු මහතා කැඳවා ගෙන ඒමට ය .තමා දුටු සිද්ධියත් පියගේ අසාමාන්‍ය හැසිරීම් රටාව පිළිබඳවත් කපු මහත්තයාව හොඳින් දැනුවත් කළා ය .නිවසට පැමිණි කපු මහතා ෆොන්සේකා පරික්ෂා කර පවසා සිටියේය පෙරේත බැල්ම ක් පොන්සේකා ව අරක්ගෙන ඇති බවයි .තොවිලයක් කර පෙරේත යාව ඉවත් කළ යුතු බවයි .තොවිලය හමාර වී මාසයක් ගත වී ඇත .ගුරුන් වහන්සේ පවසා සිටියේ එදා ෆොන්සේකා බය කර ඇත්තේ .පෙරේතය දෘෂ්ඨියක් බවත් එම පෙරේතියක් බන්දුලා තිබු කම්බි කැබැල්ලක් ෆොන්සේකා විසින් නිවසට රැගෙන විත් ඇති බව එම නිසා එම පෙරේතය ෆොන්සේකලාට කරදර කර ඇති බවයි .කපු මහතා එම පෙරේතයාව අර කම්බි කැල්ලට බන්ධනය කොට කම්බි කැබැල්ලක් මුහුදට විසික් කර ඇත .ක්‍රමක් ක්‍රමයෙන් තත්වය හොඳ අතට හැරුණි කරදර බාධක මග හැරී ගොස් වෙන දා මෙන් ෆොන්සේකා ඇතුළු පවුලේ පිරිස සතුටින් කාලය ගත කරයි .
👊👊මේ වන විට ෆොන්සේකා මිය ගොස් ඇත ඔවුන් ගේ දරුවන් කැකිරාව ප්‍රදේශයේ පදිංචි වී ඇත👊
👊යාලුවනේ මේ මගේ දෙවෙනි සත්‍ය කථාව ..පලවෙනි කතාවට හොඳ ප්‍රතිචාර ලැබුණා ."thanks".ටයිප් කරන්න ගොඩක් අමාරුයි හිර වෙනවා .මෙහෙම හරි ලිව්වේ මේක සත්‍ය සිදුවීමක් නිසා👊
👊👊👊👊👊👊නිමි👊👊👊👊👊👊
No comments:
Post a Comment
wetting please