අබිරහස් උමග
(මෙය සත්‍ය කතාවක නිර්මාන ශිලී ගෙනහැර දැක්වීමකි මෙහි සදහන් උමග දැනුදු වල් බිහිව දක්නට ඇත. ඒ පිලිබද මාගෙන් නොඅසනා ලෙස ඉතා කරැනාවෙන් ඉල්ලා සිටිමි)
"සවස 6.00 එලබ ඇති බව අත බැදි ඔරලෝසුවේ ටීක් නාදයෙන් මා දැනගති අමර පියල් ධර්මෙ උබලා කොයි ලෝකෙක ඉන්නවද .........අදුර තුල මා අතරමංව ඇත. කරැමය නම් අතරැදි අන්තිම ඉටිපන්දමි කොටයද මීට සුළු මොහොතකට පරතම නිවී ගියේ හාත්පසම දැඩි කළුවරක හෙලාය ..... අතරැදි ජංගම දුරකතනයේ බැටරිය බැසගියේ බලා සිටියදීමය ෆුල් චාජ් කල විදුලි පන්දමද හිටිවනම නිසොල්මන්ය මා අතර මං ව අැත. නොදන්නා බූත උමගක ..........සුන්දර ලෙස ගෙවී ගිය ළමා කාලය කඩයිම් විබාග පසුකර අහවර උසස් පෙල විබාගය හමාරව සරසවි ප්‍රතිපල එනතුරැ සිටිනා කාලය තුල නන්දන වින්දන ෆුල් ආතල් එකේ ගෙවීම අපේ බැජාලාගේ අරමුන විය ගමක හැදී වැඩුනද නගරයේ ප්‍රසිද්ද පාසලක අප හමු ඌයේ දෛවයේ කැමත්තක් ලෙසින හතරේ කල්ලියේ ගැම්ම ගැන ද කරනා ජඩ වැඩ ගැනද දන්නෝ දනිති මේ කතාව ඔබට කියන මම සයුරංග සයූ කියලත් කියනව මට මේ කතාව අදටත් අපට විසදාගන්න බැරි ප්‍රෙහේලිකාවක ආරම්බය මෙසේ ඇරබින නිවාඩු කාලය තුල අප ලංකාවේ හතර දිග්බාගය ගමන් කලේ වැඩිහිටියන් විසින් කුඩා කල ආරම්බ කර තිබූ ගිනුම් පොත්වල නිශේද බලය අයි ඩී එකේ පිහිටෙන් අප අත්වලට ගැනීමෙන් පසුවය රට වට සිටිනා කෙල්ලන්ට නම් බර් බෙදමින් ඇතම් විට නොදැන බැන්දපු අක්කලාටද ඇන්ටිලාටද නම්බර් දෙමින් කොකු ගසමින් නිවාඩු කාලය උපරිම ව විදීමට අමතක නොකලෙමි. ඇතම් විට දෙන ඇන්ටිලාගේ මහත්වරැන්ගෙන් ලැබුනු කිඩාරම් මල් වදන් සුවද ඇමතුම් වලට පිලිතුරැ දුන්නේ පියල් ය ඔහුට ඩුවල් ටෝන් වොයිස් ඇත. විටක 18කෑල්ල සේද තවත් විට ප්‍රේමයෙන් මත් බ්රැන්ගයෙකු සේද ඇමතීම ඔහුගේ තවත් එක හැකියාවකි. හදිසි අවස්තාවක මුදල් ප්‍රස්නයක් ඇති වූ විට ඇට මාලය කරේ ලා සරමක් ගසා හිමාල බමුණුවෙස් ගන්නා ධර්මේ උග්‍ර අනාවැකි කරැවෙකි ෂර්ලෝක් හෝම්ස්ගේ අතීසාර පාඨකයෙකු වන මොහු පරීක්ෂන නිරීක්ෂන නිගමන වලට පැමින නිවරදි සාස්තර ටක්කෙටම කීමට හපනෙකි එමගින් ඔහු මුදල් උපයා සියයට 10ක් පින් කැටවලට දැමීමට පුරැදව සිටී. ධර්මයා නම් අති පන්ඩිතයෙක් වග මුළු විදුහලම දැන සිටියහ වූට බැරි දෙයක් නොමැත හිටගෙන වළළු නැතිව ගස් බඩගෑමේ සිට ගැරේජ් වැඩ පවා දන්නා මීටරයකි. ධර්මයා සිටිනා තැන පාළු නැත මගුල් ගෙවල් දානේ ගෙවල් ආරාදනා නැතුවම ගොස් උදව් පදව් කර අවසන ගතමනාවක්ද හීන් සීරැවෙ සාක්කුවට බැර කර ගැනීම සිරිතය උෟ මලගෙදරක ගියහොත් කා බී බූරැව ද ගසා වලද කපා අන්තිමට නොදන්නා මිය ගිය උන්දෑ ගැන පැයක ගුන වරැනා කතාවක්ද කර අවසන මිනිය වලලන මොහොතේ කදුළු සලා අඩා හත් දවසේ දානයටත් ඉද එන ජාතියේ ජාති පුතයෙකි. මේ හැමටම වඩා අමර හාත්පසින්ම වෙනස්ය ගුරැවරයෙක් ස්නායු පද්දතියෙන් පටන් ගතහොත් පාඩම ...අමරයා නවතින්නේ රසායනික සංයෝග වල පරතික්රියා හේතුවෙන් මොලයේ හටගන්නා පිලිකා සෛල ගැන අසාය ඒ තරමට ඉගෙන ගැනීමේ උනක් උෟට ඇත විටක පුස්තකාලයේ බහිරවයෙකු සේ හිද විවිධ පතපොත පරිශිලනය කරයි තවත් විටක විද්‍යාගාරයේ විවිද දෑ අත්හදා බැලීම්ද සොරාකම් කල සෝඩියම් කැබලි කෙල්ලන් ගමන් ගන්නා මග ඇති මඩ කඩිති වලට විසිකර අාතල් ගැනීමටද හේ අමතක නොකලහ ඒ මගේ බැජාලාගේ ගති සිරිත්ය ගමන් බිමන් යෑමෙන්
හෙම්බත් වූ අපට ධර්මයා එක් සැදෑවරැවක ගෙන ආවේ..... " මේ බොලන් දැන්නම්මට ට්‍රිප් ගිහින් හාඩප් බන් අතේ තිබ්බ අන්තිම පිචිචියෙන් තමා අද ඩේටා කාඩ් එක දැම්මෙ ආා .. ඒකනෙ බන් මාත් මේ කියන්න ඉදියෙ අපි වෙන මොකක් හරි කරමු පියල්ද ඊට රැකුල් දුනි සයු මේ අපි යන්ද බන් උමගක් බලන්න නිහඩව සිටි අමර හිටිවනම මා දෙසට හැරී කීවේ ධර්මයාගේ ඇස් උඩ යවමිනි ඈ බන් අමරයෝ තෝ දැන්ද බොල කියන්නේ ඔය වගක් ආ යමන්කො බන් ආතල් නේ ඈ ... ගයිස් කැමති නේ ධර්මයා අප දෙස හැරී ඇසුවේ හරියට ඌ සංවිදානය කල ගමනක් ලෙසය මේ මචන් ලා මේක හෙන අවුල් ගමනක් ආ ෆන් එකටත් වඩා බයානකයි අපේ ගමේ පන්සලක් තියනව බන් මේකෙ බන් මිනිරන් පතලක් තියනව කතන්දරේ තියෙන්නෙ බන් ඒක මිනිරන් පතලක් විදියට තිබුනට බන් මේක ඕලන්ද බලකොටුවකට යන්න පොලොව යටින් හදපු උමගක් කියල තමා කියන්නෙ මේ උමග බන් අන්තිමට ගගක් යටිනුත් ගිහින් ඒ බලකොටුව ට යන්න තියෙන් නෙ කියල අපේ සීය කෙනෙක් මට කියල තියනව කවුරැවත් යන් නෑළු බන් ඒකෙ බයට ඉස්සර කාලෙ පතලෙ වැඩකරපු අය ඔය උමගේ මැරිල තියනවළු බන් හිටි හැටියේ අමරයා කල විස්තරය අනුවමෙහි සත්‍ය අසත්‍ය තාව සොයා යෑමෙ මදන උන අප සිරැරේ මෝදුවෙම්න් පැවතින . හහ් හොල්මන් කියල දෙයක් නෑ ඩාර්ලින් පියල් ගැහුනු හඩකින් මිමිනීය .. යා යා මයි බෙිබි උම්මාාා පන යයි අමර පියල්ට හාද්දක් දීමට තොල උළුක් කර පියල් මතට පැන්නේ ධර්මයාත් මාත් හිනස්සවමිනි ..සෙස්සන්ට ගෙන ආයුතු දෑ මම නියම කලේ අප යන ගමනෙහි ඇතිවන බාදක දුශ්කරතා ද සලකාය යොදාගත් දින රහසේ අප අදාල විහාරස්තානයේ පහල කැලෑ කොටසේ උමග සොයා ගියෙමු. ප්‍රතමාදාර බෝතල් කල ජලය බිස්කට් ඉටිපන්දම් සහ ශක්තිමත් කඹ වැනි දෑද අමරගේ පියා රටින් ගෙනා විවිද ටින්කල කෑම ඇසිරෑ මහ මල්ලක්ද කුඩා ඩෝලයක් ධර්මයා ගෙනවිත් තිබින කෙසේ නමුදු මට නඩය දුටුවිට සිහි වූයේ වට වන්දනාවක් යෑමට සැරසී පැමිනි බයියන් පිරිසක් වින පුරැද්දකට ධර්මයා විටින් විට කොන්ඩය හදයි ඒ බන් බලහන් අරෑ කොන්ඩෙ හදනව ඒ මචන් උමගේ ගෑනු නෑ පියල් කෑ ගසා කී දේ වැටහි දෝ ධර්මයා මූන දෙක කරගත්හ .. මැරෙන්න උනත් ලස්සනට යන්න ඕන අ ා මදක් බෙල්ල උස්සා ඔලොක්කුවට කීවෙ අප සිත් මොහොතකට නතර කරමිනි පිස්සු හු@#$%&* කතා නොකිය හිටු මා සැරෙන් කීවෙමි ... ජේ බෝලේ නාත් හික්ස් අමරය තෙපලීය ආන් බලන් සකි ඈතින් දිස්වන "හිල" ආහ් කෝ කෝ හිල පියල් ඇසීය යකෝ ඒ හිලක් නෙමේ මේ උමගෙ දෙර බලපන් සැබැවක්ය ඈතින් දිස්වන්නේ උමන් විවරයයි මදක් වට වල් බූටෑව වැවී අදුරැ ගුහාවක් සේ අප සිටි තැනට දිස්වන එය මදක් බිය උපදවන සුළුය .... යමල්ලා යමල්ලා ධර්මයා වහා පෙරට විය අපායට ගියත් බන් මූ ඉස්සෙල්ල යවන්න ඕන ආහ් අපාය කීවම මතක් වුනේ බන් දැන් බියගන්න කාරනාවක් නෑ අපායෙ මහ තැන යම පුටුවෙු ඉන්නේ අපේ ජුවානිස් සීය ඒ පියල් ගේ රස වෑහෙන විහිළුවක ආරම්බයයි.. මොක කීවෙ මා ඇසීය ඔව් ඔව් බන් අපේ සීයා ආහ් රයිට් දැන් කියපන් කෝමද අර පව්කාරය ඔය තැනට ගියේ ධර්මයා ඇසීය මේකනේ බන් බොලා දන්නව නේ මුත්ත මහ පව් කාර අමනය ඈ උන්ද කරපු පව් බන් එවරස්ට් තරමට උසයි ආ ආ ඒමද අපි හූමිටි තිබ්බෙමි ඔව් බන් ඉබ්බෝ ඒම තලනවළු ආයි ඉසේ කෙස් ගානට ඒ කාලේ කුකුල්ළු ගෙනත් බන් දොර ට ට ට ....ඇති ඇති කතාව කිය අැතිවූ පිලිකුල මකා මා කීවෙම් හා ඔන්න මුත්ත බන් මැරෙන්න ලං වෙනකොට කීවළු ළමයිනේ මගේ ඔය ගිනිබටේට හොද පතුරමක් කොටල මයෙ පෙට්ටිය පැත්තකින් තියපල්ලා ලා ලා කියල මුත්තගෙ අවසන් කැමත්ත නේ බන් ඉතින් අපේ අප්පුච්චල ඕක ඒම්ම කොලාළු එදා රෑ බන් මහ හයියෙන් වැහල මුත්තාගේ හෝන් පලටත් හෙන ජෝඩු පිටින් ගහල ඈ මුත්තයි තුවක්කුවයි දෙන්නම නෑළු .. මක් වෙලාද ඒ මා ඇසීය ඒකනෙ කියන්නෙ බන් මුත්ත අපාය ඒක්ස්පරස් එකකින් නරකාදියට කැදෝල ආ ඔන්න පෝලීම පට්ට දිගළු මුත්ත බන් එක කොනක ඉන්නවළු අන්තිම ඇ අර ගිනිබටෙත් තියාන විටක් හප හප ඉන්නවළු ඒ ඩිංගට බන් පෝලිමේ ඉන්දපු උන් මුත්තගෙ පැත්තට නංම ගෙන කීවළු මම ඔය යමයට වැඩක් දෙනව බොලා මම අහන හැම එකටම ඕවි කියාපල්ල කියල ආ ආයෙ මොන සෙට් එකම කැමති වෙලා මුත්තගෙ වාරේ යමය කතා කරාළු නම කියල මුත්ත ඉතින් තුවක්කුවත් අරන් යමය ඉදිරියෙ ළු අා අමරයා තළු මර මර කියයි .. අපි උමන් කට සමිපයේ පැමින ඇත මෙය පතලක් යැයි කීවාට කීමට වෙනස්ම එකකි පොලොව යටට හාරන වලක සිට ඇතුලට විහිද ගියද මෙය හාත්පස වෙනස් විය. මදකට කතාව නවතන සේ පියල්ට මා කීය ... කතා රසයෙන් මත් වූවො මා දෙස බැළුවේ මා ඔවුන් කමින් සිටි කෑම පිගාන ක් බලෙන් ගත්විට ඇතිවන අප්‍රසන්න තාවයක් මූනෙ මවා ගනිමිනි. දැන් මේකයි මචන් ලා අපි ඔක්කොම මෙකෙ යන්න ඕන එකා පස්සෙ එකා හරිද ඉස්සරහින් යන එක්කෙනා බඩු වලින් නිදහස් මේක ඇතූලෙ තත්වෙ කෝමද කියල අපි දන් නෑ නොවෙ දැල්වූ පන්දම නොපෙනෙනා දුරකට විහිදින මෙතෙක් කයිය ගසමින් දිය කඩිති බෑවුම් පසුකර දුස්කර මාර්ග ඔස්සේ පැමිනි ගමනේ අවසනට පැමින ඇත මුවින් නොකීවද පැමිනි අය මදක් තැතිගැන්මකට පත්ව ඇත බටහිර චිත්‍රපට වල අැති කෝච්චි උමන් සිතේ මවා පැමිනි අප ඉදිරියේ ඇත්තේ අන්දුරැ දිගට විහිදුනු මාවතකි. මොකද කල්පනාව බොලන් අමරයා විමසීය නෑ බන් මම මේ කල්පනා කලේ බන් මේක අර බලකොටුවෙ ඉදල මෙතනට හෑරවද මෙතන ඉදන් එතනට හෑරවද මේ ඒක මම යද්දි කියන්නම් දැන් යමල්ල රෑ වෙන්න කලින් එන්නත් එපාය එවන් උමගක් මා කිසිකලක දැක නැත පොලොවට සමාන්තරව ඇතුලට විහිද එහි පලමු කොටස හිටගෙන යා හැක කෙටියෙන්ම කිවහොත් පලමුව අපට යෑමට ඇත්තේ කන්දක් ඇතුලට හෑරැ මාර්ගයක් ඔස්සේය සෙමෙන් සෙමෙන් මග පරීක්ෂා කරමින් අප නිසොල්මනේ වට පිට බලමින් පැයක පමන ගමනක් ඇතුලට ගමන් කලෙමු ඇතම් ස්තාන වල පස් කුට්ටි කඩා වැටී ගමන් මග මදක් අවහිරව තිබින එම තැන් වලින් නැමී ගමන් කිරීම ධර්මයාට මදක් අපහසු වූයෙ ඒකා මදක් උස වැඩි නිසාවෙනි අමර මෙහි ඇතුලත ඇති පාරවල් පිලිබද අසා දැන තිබීම අපට මහත් පහසුවක් වින කෑලි කපනා අදුරේ අධිබලති විදුලිපන්දම අපට දේවා ලෝකයක් වින එය නැව් වල බාවිතා කරන සේවා පහනක් මෙන් දීප්තිමත්ය පියල් මෙතෙක් කතාව නවත්වා සිටි තැනින් කතාව පටන් ගත්තේ ධර්මයාගෙ ඉල්ලීම ලෙසය ඉතිං බන් ඔන්න මුත්තා යමය ඉස්සරහ යමය හොදට බැළුවළු දිහා මුන්නැහේගෙ වත ගොතනම් අන්තිමයි බරපතල දඩුවම් තමා හා කමක් නෑ යම වහන්ස ඕන එකක් කමක් නෑ කීවම යමයට මාර අව්ල්ළු මුත්ත බැළුවළු යමය දිහා පුල් ඇගම මචන් ලා ගාඩ් එකළු පතුරම තියල වැඩක් නෑ කියන කොට මුත්තට පුල්ලෙයාර් නුවන ආවළු යමය ඇහුවළු බන් ඔය පොල්ල මොකක්ද කියල මුත්ත ගත් කටටම කීවළු ඒක මේ මම හීතලට උරන සුරැට්ටුව කියල ම් යමය ....අන්ඩය පොර ඇහුවළු යමපල්ලන්ගෙන් උන් කීවළු අපිනම් දන් නෑ ඔය වැරදි කාරයන්ගෙන් අහන්න කියල පෝලිමේ ඉන්දපු උන් ඔක්කොම අනුමත කලාළු ඔව් ඔව් කියල යමයට ආස හිතුනළු මේක ටැස් කොරල බලන්න මුත්ත ඉතින් කීවළු මේ කොන කටට ගන්න මේන්න මේ පැත්ත අතට අරන් මේන්මේ කෑල්ල ගස්සන්න කියල මුත්ත කියපු විදියට යමය වැඩේ කරාළු හහ් ඩෝං ගාගෙන උන්ඩෙ පිට උනාළු යමයගේ මොල කුඩේ කුඩුළු ආයෙ අහල ඈ පැනපි ගමන් ඒ පාර මුත්ත යමයගේ ඔටුන්න අරන් දමාගෙන අපායෙ දැන් නඩු අහනවළු ඕන් දැන් අපායෙ යන්න බිය ගන්න ඕන නෑ බන් ලා සැවොම සිනාසුනෙ මෙතෙක් වෙලා තිබූ ගමන් මහන්සිය මදක් දුරැකරමිනි දැන් පැය දෙකක් පමන අප පැමින ඇත. පැමිනි මග අවසන කාමරයක් තරම් ඉඩ ඇති කොටසකට අප පැමිනියහ මෙතන සිට විවිද පැති වලට උමන් මං විහිද ඇත එම තැනට පැමිනි අප රැගෙන ආ ටින් කල ආහාර වර්ගද බිස්කට් ද කමින් මහන්සිය මදක් දුරැ කර ගත්හ ඉස්සන් කකුළුවන් සහ බැටළු මස් ඇසුරැම් කල ටින් වල අඩංගු වූ ආහාරයි මා නිර්මාංෂ බැවින් කෑමට තිබුනේ බිස්කට් පමනි ඩොල්කිය ගෙනා එකද පාඩුය අපගේ අරමුන වූයේ කුමක් දැයි දන්නේ අමරත් මාත් පමනි විදුලි ලන්තතෑරැම් එලියෙන් අප සිටි කුටිය පරීක්ෂාකල බැළුවෙමි ඉතා තද පාෂාන හිරිගල් වලට සමාන (හරිලෙස මොනවාදැයි කීමට අදද අප නොදනමි)මෙම කුටිය ඉදිරියෙන් නොදන්නා මාවත් කීපයක් ඇත එහි ඉහලින් අන්කනය කල දිරාගිය ලෑලි කැබලි වල නශ්ටයන් දක්නට ලැබින මේවා පතල් ඇතුලට යන දෝනාවල් බව අමර කීවේ පුරාවිද්‍යා මහාචාර්ය චරිතයක් රග දක්වමිනි ... මදක් ගිමන් හැරීමෙන් අනතුරැව අප මැදින් ඇති මාවතේ යා යුතු බව අමර ගේ අදහස විය. "ඒ බන් මේතරම් කල් ගිය ට්‍රිප් ටිකට වඩා බන් මේකත් මාර ආතල් එකක් නේ ක්‍රමයෙන් පැවති නුහුරැ අත්බූත බව සැමගේ සිත්වලින් කෙමෙන් පහව ගොස් තිබින එහෙත් හිටි හැටියේ ධර්මයා තිගැස්සී වට පිට බැලීය ... මොකද යකෝ නෑ බන් මම දැක්ක . මොකක්ද වාලම්පුරියක් ද නෑ බන් නිකන් එක්කො ඕන නෑ මගේ හිතේ රෑපයක්ද කොහෙද මෙය අසා අපි මහ හඩින් සිනාසුනේ උමග තුල විනාඩියක් පමන අපේම හඩ දෝංකාර දෙද්දීමය ධර්මයා පෙරටු කොට අප තෝරාගත් මග ඉදිරියට අැදින රීල් කැමරාවකින් උමග තුල ජායාරෑප ගැනීම හද්දා එපාවන සුළු විය මද අදුරේ වදිනා ෆ්ලෑශ් ලයිට් එලිය දෑස් අන්ධකරවන සුළු නිසාය අප පැය බාගයක පමන ගමනකින් පසුව තවත් කාමර කොටසකට ඇතුල්වින මෙය ස්වබාවික සැදුම් ලද්දක්ද එසේ නොමැතිනම් පතල් කරැවන් විසින් සාදන ලද්දක් දැයි නිසිලෙස අනුමාන කල නොහැක පැරණි ලාම්පු සහ වෙනත් ගෙවී ගිය ආම්පන්න එක් ගොඩක ඇත මෙය වංකගිරියක් සේය කුමක් අරබයා මේ සා මාර්ග ඇත්ද සැබවින් මිනිරන් පතලකට එහා ගිය උමන් මාර්ගයේ රහස් කතන්දරයේ ඇති සත්‍ය බව අප සියළු දෙනාටම අවබෝධ වී හමාරය මට නිදිමතක් දැනෙමින් තිබින සෙස්සන්ටද එසේ නිදිමතක් දැනෙනුයේ පැමිනි වෙහෙසකර බව නිසාවෙන් නිසා මදක් නිදාගෙන යළි ගමන ඇරබීමට සිතා සීතල පොලොව මත හාන්සි වූවා මට මතකය කොපමන වෙලා නිදා සිටියා දැයි නොදනිමි ... එක්වරම මා සිහිනකින් අැහැරැනෙමි මා අසල කිසිවෙකු නැත කෑගසා හඩ ගැසුවද කිසිවෙක් නැත අමර ධර්මෙ පියල් ගේ බෑග් මා අසල ඇත මුන් යකා ගෙන ගියාද නැගිට අවට බැළු මා හට කලයුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිවින අප ඉදිරියේ දොරටු කීපයක් අැත නිශ්චිතවම අමර සදහන් කල බලකොටුව වෙත ඇදෙනා උමග මා සිටිනා තැනට ඉදිරියෙන් ඇත මුන් මා රැවටීමට කල උපායක් වන්නට හැක කෙසේ හෝ මා දැන් මුන් හසුකර ගැනීමට හැංගිමුත්තන් ගැසිය යුතුද නැගිට මා ගමන් මල්ලද කරේ ලා ඉදිරියට ඇදුනේ සිත රැදුනු කේන්තියද සමගිනි මුන් හමු වූ විට තක්කඩින්ට බැන ආපසු උමගෙන් පිටව යෑම මගේ අරමුනයි ගමන් කල දුර නොදනිමි ඔහේ මා ඉදිරියට ඇදුනෙමි එක්වර විදුලිපන්දමේ ආලෝකය ගැස්සී නැවතින කෙසේ බැළුවද එය යලි සකස් කල නොහැක .. ජංගම දුරකතනට ගෙන එය ඔන් කලා පමනි එහි ආරෝපනය බලා සිටියදී අඩුවින කළුවරේ අතරමන්ව ඇත බෑගය අතපත ගා ඉටිපන්දම් කීපය සාක්කුවට දමා ගතිමි මා පසුකර අා මග පැත්තෙන් හිටිවන යමක්කඩා වැටෙනා හඩක් ඇසින වහා ඒ දෙසට ගිය මා පත් වූ අසරන බව ඔබට වටහා ගත හැකිද මාපැමිනි උමන් මග ගල් විසල් කැඹලි වැටී අවහිරව ඇත. මා හට ගෙදර සිහිවුනි කාත් කවුරැවත් නැති තැනක මා මියයායුතුව ඇත වැටී ඇති ගල් කැබල්ලක් අයින් කිරීමට සිතන්ටවත් බැරිය එහෙත් එය වූයේ කෙසේද පලමු වරට ධර්මයා කී දෙය මා හට මතක් විය නොදන්නා යම් දෙයක් අපවටා කැරකෙමින් ඇත මෝඩයැයි පැවසූ ගම්මුන් කී දෙය සත්‍යය ගිය කිසිවෙකු යලි පැමින නැත. මෙි තැන හිද පලක්නොමැත මා දැන් කල යුතුව ඇත්තේ ඉදිරියටම යෑම පමනි යම් අදිසි බලයක් තිබුනද එ් බලයට මා යට නොවිය යුතුය .. ඉක්මන් කර මා ඉදිරියට ඇදුනෙමි පැය 3ක්වත් මා එක දිගට මග නැවතී විවේක ගනිමිනි බෝතල් මූඩියට වතුර රැගෙන දිව තෙමමින් ඉදිරියට ඇදුනෙමි තිබූ ඉටිපන්දම් සියල්ල ඉවරය "සවස 6.00 එලබ ඇති බව අත බැදි ඔරලෝසුවේ ටීක් නාදයෙන් මා දැනගති අමර පියල් ධර්මෙ උබලා කොයි ලෝකෙක ඉන්නවද .........අදුර තුල මා අතරමංව ඇත. කරැමය නම් අතරැදි අන්තිම ඉටිපන්දමි කොටයද මීට සුළු මොහොතකට පරතම නිවී ගියේ හාත්පසම දැඩි කළුවරක හෙලාය ..... අතරැදි ජංගම දුරකතනයේ බැටරිය බැසගියේ බලා සිටියදීමය ෆුල් චාජ් කල විදුලි පන්දමද හිටිවනම නිසොල්මන්ය මා අතර මං ව අැත. නොදන්නා බූත උමගක කෙසේ හෝ ඉදිරියට යා යුතුය අන්තිම පන කෙන්ද දක්වා උත්සාහය අත් නොහැරිය යුතුය .......
පුරැද්දට සේ ඇහරින ක්‍රියාත්මක වූ එකම උපකරනය වූයේ කැසියෝ අත්ඔරලෝසුවයි පාන්දර 3.00යි වෙනසක් නොමැත හාත්පස අදුරත් බඩගින්නත් පිපාසයත් මා වෙලා තිබින පියනට වතර ස්වල්පයක් ගෙන පානය කර කෑමට ඇති දේ බැළුවෙමි මට ධර්මයා සිහිවින කපටියා බරයි කියා ගෙනයාමට අකමැත්ත පලකල ටින්කල අාහාර සියල්ල මාගේ බෑගයට දමා අැත. වෙනයම් කිසිදු කෑමක් නැත. කුමක් කරම්ද ටින් එකක් විවර කර සිල්බිද ජීවිතය රැකගන්න යලි මා මාංස විය ඇගට යම් පනක් පැමිනියද සිත ඇත්තේ කල කිරීමකිනි මේ මොහොතේ මා තනිව කල්පනා කලේ ඉතිහාසයක සුල මුලක් සෙවීමට පැමිනි ගමන් මග ගැනයි ... මතයක් ඇත එනම් මෙම උමන් මාර්ග එකිනෙකට සම්බන්ද ජාලයක් ඇති බවත් එකල මෙම උමන් පතල් කර්මාන්තයක් පැවති බවත්ය පොලොව යට වස්තූ කැනීම උදෙසාද ආරක්ෂක මාලිග බූගතව ඉදිකිරීම සදහාද මෙය බාවිතා කර ඇති බවටය......... මා සෙමෙන් සෙමෙන් බිත්තිය අල්ලා ගමන් කලෙමි එක්වර මා හට කිසියමි කටහඩවල් කීපයක් ඇසෙන්නට විය එය එකිනෙකාට බැනගන්නා උද්වේගකර හඩවල්ය මා බිත්තිය අල්ලා පැමින අඩිය තිබ්බ තැන අඩිය වැදුනේ නැත වහා පසුපසට වින කටහඩ නැවතින සාක්කුවේ ඇති ගිනිපෙට්ටිය ගෙන කූරක් ගසෙ හාත්පස විපරම් කලෙමි එය ගැඹුරැ වලකි උමන්මාර්ග අවසන් වන්නේ මේ ගැඹුරැ අගාදයෙනි මෙය උගුලක් සේ කිවහොත් මා නිවරදිය හඩ ආවේ මේ වලේ සිට සමහර විට අපේ නඩය මෙය තුල ඇත යැයි සිත කියයි මා හයියෙන් ධර්මේ පියල් අම... ර යැයි කීවා පමනි පහල උන් පිරිස කෑගසන්ට විය "අනේ බාන් උඹ ආවද අපි පහල බන් උඩට එන්න විදියක් නෑ ඇති වූ සතුට කිය නිම කල නොහැක මා ජල බෝතලයත් කෑම මල්ලත් පහලට දැමින වැටී හුන් අය ගොඩගත යුතුය මෙවන් අවස්තාවක ගැනීමට සිතා ගෙනා කඹය මා ලග නැත එය ඇත්තේ අප වෙන් උන තැනය " මා අමතකය කට්ටිය කෑම කන හඩ ඇසින ධර්මයා කුලප්පුව ඇත ඒ වේල් දෙක තුනක කුසගින්නයි කෙසේ නමුදු ධර්මයා කෑම ටින් දෙකක්ට වග කියා ඇත. ඒ ඒකා මම අර කබේ අරන් එන්නම් බොලා ඉදපල්ලා යලි ගමන පටන් ගත යුතුය ... සෙමෙන් අඩ්ය තබා වල රවුමෙන් අනෙත් උමගට මා මාරැ වින ,ඇති වූ සතුටට මා දිවගියා සේය අප අවසනට නවාතැන් ගත් තැනසිට විහිදි මෙම මං සියල්ල සම්බන්දව ඇත්තේ සගයන් වැටී සිටි උමග වෙතය කඹයත් අවශ්‍ය කරන අනෙකුත් දෑද ඇතුලත් මළු දෙකක් කරට ගෙන මා පැමිනි උමගින්ම යලි සගයන් වෙත ගියෙමු බෑගයේ කී ටැගයක තිබී ගලවාගත් කුඩා විදුලි පන්දම බෙහෙවින් වැදගත් වින මා ආපසු ඒමට සැරසී නිකමට පසුපස බැළුනේ තවත් යමක් ඇත්දැයි සිතාය එක්වර කළුපැහැති රැවක් අප බෑග තබා තිබූ තැන සිට අතුරැදන් වනු ෂනයකින් මා නෙත ගැටින එය මාගේම සෙවනැල්ල වීමට හැක.එසේ සිතා යලි ගමන ඇරඹුවේ දැඩි වේගයකිනි සිත තුල තිගැස්මත් සගයන් වලෙන් බේරා ගැනීමත් මාගෙ අරමුන විය එහි ලගාව මදක් විවේක ගත් මා ප්‍රවේසමෙන් අඩිය තබා වල මුව වෙත ඇදින ගැට රහිත කඹය පලින් පල ගැට සිටින සේ දමා පහතට දැමුවෙම් අනෙක් කොන මා දැඩිව අල්ලාගතිමි ජීවිතයේ තුල ආද්‍යාත්මයත් සමග මුසුකර ඉගෙනගත් මාෂල්ආර්ට් සටන් කලාවේ ගැඹුරැ බාවනාවක් මනසින් මෙනෙහි කරමින් සවිමත් සේ කඹය අල්ලාගතිමි සිරැර තුල ඇති සැගවුන ශක්තිය එක් මූලයකට යොමුකර කෙනෙකු බිම දැමිය හැකි අගලේ පහර නිර්මානය කලේ ඒ අද්විතීය මිනිසා විසින් සොයාගත් මෙම බාවානා ක්‍රම බාවිතයෙනි මෙය නිල ශිල්පයටත් එහා ගියා වූ තමන් විසින්ම ලගාකරගත යුතු දෙයකි වසර ගනනාවක් තිස්සේ නිර්මාංශව අනුගමනය කල මෙම බාවනාවෙ පල දැන් පිහිටට පැමිනි ඇත දෑස වසා වල මුල සිට දැඩිව ගලක් සේ මා කඹය අල්ලාසිටී ධර්මයා එහි එල්ලී මුලින්ම පැම්නියහ ඔහු පැමින මා දෙස බැළුවේ යකෙක් දෙස බලනවා සේය "යකෝ තෝ යකාගෙ එකෙක් නේ ආහ් උෟ පුදුම වින ධර්මයා සිතා ඇත්තේ මා කඹය කොහේ හෝ ගැටගසා ඇති බවය ඕව මොනාද බන් යාළුවෝ වෙනුවෙන් ගස් ගල් උනත් පෙරලනව අපි ඈ ධර්මයාගෙ කුකුස දුරැකිරීමට මා කී ඒ වචනය පොල්තෙල් නොගා ධර්මයා ගිලීය... අප දෙදෙනා එක්ව අනෙත් සගයන්ද ගොඩට ගැනින පියල්ට කලිසමේ චූ යන තරමට බියපත්ව ඇත. අමර නම් ජීවිතය පිලිබද අැති ආසාව අතැර තිබී ඇත. එයට හේතුව නම් ඔවුන් වැටුනු වල තුල මියගිය වුන්ගේ ඇට කැඹලි තිබීමය අප දැඩිසේ නිදාගෙන සිටි අතර අමරට කෙනෙකු උදව් ඉල්ලා කෑගසනා හඩක් ඇසී ඇත අමර හඩ ආ දෙසට ඇවිද ඇත්තේ තනිවය ඒසේ තනිව ඇවිදීමට හේතුව අදද ඔහුට සිතාගත නොහැකි වී ඇත එසේ පැමිනි අමර පය ලිස්සා වැටී ඇත එහෙත් වලතුල අැති වැලි පොලොව නිසා සීරැම් සහ උළුක්කු පමනක් ඔහුට සිදුව ඇත මෙසේ අනෙක් දෙදෙනාටද ඇසී ඇත අමරට පසු ධර්මයාද ධර්මයාට පසු පියල්ද මෙම වල වෙත ඇවිද පැමින ඇත්තේ නිද්‍රාවක වෙලීය ... එහෙත් මා හට කිසිත් නෑසුනේ මන්ද සෙස්සන් සිතා ඇත්තේ මා ඔවුන් තනිකර යලි පිටව ගොස් ඇති බවය මේ සයු උඹ බන් මෙතනට එක පාරක් ඇවිත් එබිල ගියාද නෑ බන් නෑ ඒත් බන් අපි වල ඇතුලෙ ඉන්දි වලට උඩින් පන්දම් එලියක් දැක්ක අපි ඒක දැකල තමා කෑගැහුවේ අපි හිතුවෙ උඹ ඇවිත් කියල පන්දම් එලියක් තියා වලක් ඇති බවද මා වටහා ගත්තේ පය බිම නොවැදීමෙනි ඒ ඇරත් ගිනිකූරක සුළු එලිය ඒසා පෙනිය හැකිද ඔවුන් වල තුල සිටිනා බව දැන මා කල පලමු දෙය බෑගය වල තුලට දැමීමය එසේනම් අප නොදන්නා දෙයක් මේසිදුවිම් තුල ඇත. ධර්මයා අත බැදි ඔරලෝසුවේ මාලිමාව දෙස බැලීය එහි කටුව එක් දිසාවක්ට හැරී ඇත චලනය ඇනහිටී ඇත එමෙන්ම අනෙක් අයගේද දුරකතන වල බැටරි බලය හිටිවනම පහල වැටී ඇත. එසේනම් මෙහි අධික චුම්බක බල සීමාවක් තිබිය හැකි බව අමර යා එකහෙලා කීය "හරි අපි එහෙනම් යමු යන්න දැන් ඒ ගමන අවසන් කර අපි එතනින් පිටවී ආවෙි සියළු කරදර නිමා කරය වෙිගයන් අපි ගුහාවෙන් පිටත මාර්ගය වෙත ඇදින ඒ අප ගමනේ අවසානයයි ..............................
........................... නැත එය කිසිසේත් නූනේ අවසනට රැදී සිටි තැනට පැමිනිය පසුය අප මෙම කුටියට පිවිසි මග ඇහිරී ඇත. පියල් අඩන්නට වින ධර්මයා අහස පොලොව ගැටලන්නට කල්පනා කරන්නා සේය අමර දැන් අපිට කරන්න තියන එකම දේ අපි මේ ආපු ගමන කෙලවර කරන්න අපිට බලකොටුව හොයන් යන්නම වෙනව අපි යමු ඒත් අපිට යන්න නොදෙන මොකක් හරි බලවේගයක් තියනව බන් ඔව් කීය පියල් එවිට මෙසේ යමක් කීය මම අහල තියනව බන් පාළු තැන් වල අනතුරට පත්වෙලා මියගිය ආත්ම වලට සැනසීමක් ලැබෙනකන් ඒ ආත්ම ඒ තැන්වල ඉන්න අයට එන අයට කරදර කරනවළු දැන් බලපන් මේ දේවල් ඉබේ වෙන්න බෑ මේ දේවල් පස්සෙ මොනයම් හරි දෙයක් තියනව අපි කරන්න ඕන එහෙනම් අර වල ඇතුලෙ තියන ඇට කටු පුච්චන එක පියල් ගේ අදහස බයිලයක් සේ පෙනුනද එය කලහැක්කේ කෙසේද ලට්ට ලොට්ට මත ගොඩ අසල තිබූ බූලි වල යහමින් ලාම්පුතෙල් ගබඩාවී තිබින ඇදසිටි බැනියම් ගලවා ඒවා ලාම්පු තෙල් වල පොගවා වල තුලට දමා ගිනි අවුල වීම අප කල යුතුව ඇත ඉදිරි ගමන නොඑසේ නම් යා නොහැක ඒ මෙහි ඉන්නා පීඩාකාරී ආත්ම අප මෙහි මියයාමට කටයුතු කරන බැවින තෙල් සහ ලාම්පු කීපයක් රැගෙන ගිය අප තෙල් වල පතුලට වැටෙන සේ බූලිය කඹය තුලින් බස්සවා තෙල් ඇටකටු මත හැලීය පසුව කපු බැනියම් තෙලින් තෙත් කර දල්වා වල පතුලට හෙලීය වල තුල මහා ගින්නක් පැන නැගී තෙල් දැල්වින වල වටෙන් අප යා යුතු මග කුමක් දැයි තම සටහනෙන් බලා තීරනය කෙරින උමන් කීපය අතරින් ගල් දෙකක සලකුනක් ඇති උමග වෙත වල වටේ සෙමෙන් අඩිය තබා ලංවින දැන් ඇරබෙනුයේ කිසිසේත් බලාපොරොත්තු නොවූ ගමනකි බලකොටුව සොයා යෑමය මෙයින් පිට වීමය එහෙත් අප බලාපොරතු වූ ඒ මග සොයා යෑම මිරිගුව සොයා යන ගමනක් වැන්න. මෙම මග යාමට කෙතරම් දවසක් ගතවේද අප හට ඉතිරිව ඇත්තේ බිස්කට් පැකට් 4කුත් ලීටර 5ක ජලගැළුමත් ටින් කල අහර බදුන් 6කුත් පමනි. ආහාරද ජලයද හැකිසේ පිරිමසා ගත යුතුය දල ලෙස අප පන්සලේ සිට එම නගරයේ බල කොටුව වෙත දුර පැය 2කක ගමනකි එහෙත් පොලොව යට උමගකින් එම ගමන කෙතරම්ද. දැඩි තෙහෙට්ටුව නිසා අප ගිමන් හැරිය යුතුය උමග තුල දෙවන රැය ආරම්බ විය එක් අයෙකුට බිස්කට් කීපයක්ද ටින් කල අහර ස්වල්පය බැගින්ද වෙන් කෙරින මා කෑවේ බිස්කට් පමනි එය පියල්ගේ වාසියට හේතුවින උෟ අපට වඩා තැතිගෙන ඇත අප නිවස් වල උදවිය දැන් අප සොයා මෙහෙයුම් අරබා ඇති බව සක්සුදක් සේ විස්වාසය. පාන්දර ඇහැරැනේ දහවල්ය වෙහෙසකර ගමන් මග ඔස්සේ එක් දිසාවකට අප ගමන් කලෙමු පසුපසින් ආ ධර්මයා අමරව පසුපසට දමා ඉස්සර වූයේ පසුපසින් යමෙක් පැමිනෙනා සේ දැනුනු බව කීමෙනි එහෙත් මට ද ඒ බවක් දැනුනද සෙස්සන්ට ඒ වගක් නොකීය දින 5ක් පුරාවට අපි ගමන් කලෙමු ජලය ඇත්තේ සීමිත ප්රමානයකි ටින් කල අහර ටින් දෙකක් බිස්කට් අටක් අපට ඉතිර වින එහෙත් හය වනදින අප පැමිනි දුශ්කර මග නිමාව පොලොව යටින් ගලා බසිනා දිය පහරක් හමුවින ඉතා වේගවත්ව එක් තැනකින් පටන් ගෙන මද දුරක් යන ගංගාව එක් තැනකදී පොලොව තුල ඇති විවරයකට ගලා බසී ජලය දුටු අප පිරිස සිත්සේ ජලය බී ගෙන හිස් ටින් කීපයකටද පුරවා ගතිමි අමර මදක් සැනසුම් සුසුමක් හෙලීය ඒ අප ගමනේ අවසානයට ලංව ඇති බව ඔහු වටහා ගත් බැවිනි ඔහු දැන සිටි කරැනු වලට අනුව මෙම ස්තානයේ යම් රහසිගත මහලක් පිහිටා ඇත ඒ කුමක්ද යන්න සෙවීමට ගිය කිසිවෙකු යලි පැමින නැත... ඒ කුමක්ද යන්න නැරබීමේ අරමුන අප සිත්තුල තිබුනද ජීවිතආසව දැඩිසේ දැනින ශාලාව කෙලවර ඇති ගුහාව තුලින් ඉහලට කපා ඇති පඩි පේලි කීපය ඔස්සේ සැනසුම් සුසුමන් හෙලමින් අප ඉහලට නැංගේ නිල් අහස දකිනා ආශාවෙනි අවසන පඩිපෙල කෙලවර බඩගා යා හැකි කුහරයකින් එකිනෙකා පිටුපස බඩගාමින් පැමින එක තැනක නතර වුනි අපට නැවුම් ලුණු රසති වාතයේ සුවද දැනින... අප බලකොටුවට පැමින ඇත.... අවහිරව තිබූ කුඩා පස් තට්ටුව වල් සමග අතින් තල්ලුකර ඉවතට දමා ඒ මනහර දසුන නැරබුවෙමි සිහිනයකි සැබෑ වුන හූ කියමින් කෑ ගසමින් එකිනෙකා බදා ගනිමින් පිස්සන් සේ ඒ මේ අත දීවෙමි වේලාව රාත්‍රී හත පමන ඇත . එක්වර ධම්මිකයා ද පියල් ද අමරද සිහිසුන්ව ඇදවැටින සිදුව ඇති දෑ මට වැටහින එනම් ගුහාව තුල සිරවුන ආත්ම තුනක් මොවුන්ගේ සිරරැ වලට ආවෙසව තිබී ඇත. එය මා කල අනුමානයක් පමනකි පියල් අතින්වත් අල්ලා නොතිබුනු බූලිවල ලාම්පුතෙල් ඇතිබව කීම . අමර විසින් නොදන්නා කොලයක ඇදි පාරක් ගැන හිටි හැටියේ පැවසීම ධර්මයා ගේ හැසිරීමේ වෙනස මේ කාරනා විටින් විට වෙනස් වූ අතර ඒ වෙනස මා පමනක් දැන සිටියහ ජලය ඉසීමෙනි සිහි එලබ පසු නින්දකින් පිබිදුනා සේ විය හිටි හැටියේ තමන් වලට ඇද හැළුනු තැනසිට වරින් වර තමන්ට සිදු වූ වෙනස මතක තිබින එක් එක් අවස්තාවල තමා අසල කවුරැන් හෝ හිද තමාට යමක් පැවසීමට ඉඩ නොදී ඔවුන් කියනා දේ කීමට බලකර ඇත. මෝහනයකට පත් වූවා සේ තත්වයකට පත්ව ඇත.අදටත් අප ට ඇති අබිරහස නම් උමග තුලට අප විහින් ගියාද උමග තුල උන්න වුන් අප එහි ගෙන්වා ගත්තාද යන්නයි කාගෙන් අසන්නද එහෙත් නම සදහන් කල නොහැකි අයෙකු කීවේ මේ උමග තුල බොහෝ සැගවුන රහස් ඇති බවය යම් කලක මෙය ආරක්ෂා කිරීමට පත් කල වුන් මෙහි මරා දමා ඇත.ඒ අප සගයන් වැටුන වලට ඔවුන්ගේ සිරැරැ දමාය මන්දයත් ඔවුන් බලහත් කාරයෙන් උමග මුර කිරීමට පත්කල අවතාරරක්ෂකයින් ලෙස පත්කර ඇති අයවළුන් නිසාවෙනි බලවත් බන්දනයකින් ඔවුන්ගේ ආත්ම උමන් දොරින් පිටවීම වලක්වා බන්දනය කර තිබී අැත ආත්මයන්ට පිටවීමට මිනිස් සිරැරක පිහිට ඇවසිවතිබී ඇත....එසේ සදහන් කලද මා නොසිටින්නට පියල්ටත් ධර්මයාටත් අමරටත් මිය ගියවුන්ගේ පුරප්පාඩු සැපිරීමට සිදුවනු ඇත. එහෙත් අමර ඇතුළු අප පිරිස මෙතුලට යැවීම යම් අයකුගේ උගුලක් සේද අපට හැගින එය කෙසේ සිදුවුනිද ??? තවමත් අබිරහසකි.......සත්‍ය කතාවක මූලික සිද්දාන්ත පදනම් කර මා විසින් නිර්මානය කරන ලද්දකි ...
කරැනාකර ඔබගේ පල කිරීමට නොහැකි කොමන්ටු ඉන්බොක්ස්වෙත යොමුකරන්න .
(උ.ගැ)
No comments:
Post a Comment
wetting please