Saturday, December 2, 2017

Diesel is ready

 හැමෝටම ස්තුතියි..

කෙසේ වෙතත් මෙය විස්වාස කිරීම හෝ  නොකිරීම ඉතින් ඔයාලට බාරයි......

ඉෂාරයා... අද අනිවා වරෙන් ඉතිං ඇ... ආයෙ ඉතිං බෑ කියන්න ලෑස්ති වෙන්න එපා ඈ...
අනේ බෑ බං.. උබ දන්නවනෙ ඉතිං මම ඔය තොයිල සීන් වලට ආස නෑ කියලා... උබ තොයිලෙකට යන්න කතා කරනව කියල දන්නවනම් අම්මප මම එකෙන්ම බෑ කියනවා... කරුමෙට හා කියවුනානෙ...
ඒව මට අදාල නෑ... හරී... මට තනියම යන්න බෑනෙ බං තේරුම්ගනින්කො... මමත් මේ ආසවට යනවා නෙමෙයි... අම්මයි තාත්තයි කොහෙද ගිය හින්ද මේ මලඉලව්වට මට යන්න සෙට් වුනෙ....
උබ අනිවා වරෙන් ඇ... පහමාර වෙද්දි මම තේාව ගන්න එන්නම් හාද????
හා ඉතිං... තෝත් ඉතිං මාව කන්නමනෙ බලං ඉන්නෙ...

දම්මිකයාගෙ ඉල්ලීම ම⁣ට අහක දාන්න බැරිකමටම මම හා කිව්වා...
ටිකක් දුර බැහැර දම්මිකගෙ නෑ⁣දෑ වෙන ගෙදරක තොයිලක් සූදානම් කර තිබේ... එයට කෙසේ හෝ මාව ඇදගන යාමට දම්මික සමත් විය. ඇත්ත වශයෙන්ම කිවහොත් මා තොයිල වලට මනාපයක් නැත. මන්දයත් එහි සිදුවීම් පෙල මා ප්‍රිය නොකරන නිසාවෙනි.
කෙසේ නමුදු මා ගමන යාමට සූදානම් වී දම්මික එනතුරු බලා සිටියෙමි.. මද වෙලාවකින් ඔහු පැමිණියේය...

මම හිතුවෙ ඉෂාරයා තේා මාරු වෙලා වත්ද කියලා...
අපෝ දම්මිකයා මම එහෙම කරනවද උබට ඇ?
ඒක මම දන්නව...
මේ ඒක නෙමේ දම්මිකයා... ඔය තොයිල වල එහෙම යක්කු ඇවිල්ලා මිනිස්සුන්ට එහෙම ගහනවා කියන්නෙ... ඒ කතාව ඇත්තද බං? මට බයයි ඕයි... මටත් කෙලියොත් එහෙම..
පිස්සුද බං.... මං නං ඕව විස්වාස කරන්නෑ... ඕවඔය එක එකාගෙ බොරු කතා... තෝ දැං අනං මනං කියලා වැඩේට පස්ස ගහන් නැතුව වරෙං යන්න...

අපි පිටත් වීමු... තොයිල ගෙදරට පැමින ඔවුන්ගේ සංග්‍රහද බුක්ති විදීමු. මද වෙලාවකින් එය අරම්භ විය. අපද පසෙකට වී හිඳ තොයිලය නැරබුවීමු... හදිසියෙම දම්මික....
ඉෂාර... තොයල ගෙදර ඇවිත් අම්ම මට ගෙදරට කෝල් එකක් ගන්න කිවුව බං... මගෙ ෆෝන් එක වැඩ නෑ.. ඒකට මොනව වෙලාද මන්ද.. උබෙ ෆෝන් එක දෙනවකො කෝල් එකක් ගන්න..
අනේ මන්ද තොත්... යකෝ මගෙ එක මෙතන අදින්න බෑ ඕයි පතරංග ජාතකේ වගේ... චාටර් වෙයි...
එහෙනම් ඕක දියංකො මම එලියට ගිහින් කතා කරලා එන්නම්...
දම්මික නැගිට පිටවී ගියේය...

විනාඩි පහක් ගතවිය .... දහයක් ගත විය... දම්මික එන පාටක් නම් නැත.. මේ තොයිලය අස්සෙ මට තනිවම යාමට නොහැකිය... මම තවත් වෙලා බැලුවෙමි..

පැය කාලකටත් වැඩිය.... මූ කොහෙ මකබෑවුනාද... මම තනිවම ඔහු සොයන්නට පිට වුනි... මද දුරක් ගොස් ඔහුට කතා කලද ප්‍රතිචාරයක් නැත... මම දම්මිකගේ මාමාට කතා කොට ඔහුද සමග දම්මික සොයන්නට විය.... තොයිලයේ බෙර ශබ්දය... ගුරාගේ නැටුම... මේ ඔක්කොම අස්සෙ මූ කොහෙ තොරොංචි වුනාද...

දම්මිකගේ මාමා කෑ ගසන්නට විය.
ලමයො මෙහාට එන්ඩකො....
ඇයි මාමෙ...
මේ පෝන් එක ලමයගෙද??
දෙයියනේ... ඔවු මගෙ තමා.. දම්මික කෝල් එකක් ගන්න තමයි අරන් ගියේ... මාමෙ දම්මිකට කරදරයක් වත්ද?..
ඔහොම ඉන්නකො ලමයො...

මට කිසිවක් සිතා ගත නොහැක...
මගෙ දුරකතනය කැඩී ඇත. එය ක්‍රියත්මක තත්වගේ නැත.. හරියට නිකන් පොලවේ ගැසුවා මෙන්  කැඩී බිඳී ගොස් ඇත... මා නොසන්සුන් කමන් සන්සුන් වන්නට තැත් කලෙමි... නමුත් මාමා නැවත බෙරිහන් දෙන්නටවිය...

ලමයො මෙහාට එන්ඩො ...  කොල්ලා මෙතන...

දම්මික වැටී සිහිය නැතිව සිටියේය... ඔහුට කවුන් හො සිහි නැතිවන්නටම පහරදී ඇති බවට සාක්ෂි ඇත... දම්මිකව ඔසවාගෙන අප ගුරුන්නාන්සෙ ලගට ගෙන යන ලදී....

මට පේන්නෙ කොල්ලට යකා ගහල වගේ... සිහියක් පතක් නෑ... හිටිං... මං ආරස්සාවක් කරන්ට.. මේ වගේ වෙලාවට තනි පංගලමේ හැසිරෙන්ට හොද නෑ....

ගුරා දගු යාතිකාවක් සිදුකොට මොනර පිහාටුවකින් ඔහුගේ හිස ස්පර්ශ කරන්නට විය... එ විගසම ඔහුට සිහිය පැමිණියේය. ගුරා ඔහුගෙන් විමසූ විට ඔහු කියුවෙ...
මට මතක හැටයට මම පෝන් කරල ඉවර වෙද්දම එක පාරටම කවුද හය්යෙන් මගෙ පිටට ගැහුවා.. මම විසිවෙලා වැටුනා... මම හරියට දැක්කෙ නිකන් වලහෙක් වගෙ...

මම හිතුවා හරි... මහසෝනා ගහල තියෙන්නෙ... ඔය පුතා අද මෙහෙ විවේක ගන්න ...
හෙට උදෙන්ම ගෙදර යතෑකි.

අපට ගුරුන්නාන්සේ එසේ අවවාද දුනි...

එදින සිදුවූයේ කුමක්දැයි තවමත් මට හරිහැටි වැටහීමක් නැත.. නමුත් එදයින් පසු කිසි දිනෙක දම්මිකද මාද මෙවැනි ගමන් ගියේද නැත. නමුත් මට තේරුම් ගත නොහැකි කරුන මෙයයි. එම සිද්දියෙන් පසු දම්මික නිතර රෑ හීනෙන් බය වී අවදි වන අතර.. කවුරුන් හෝ ඔහුව මරන්න පැමිනෙන බවත් ඔහුව බේරාගන්නා ලෙසත් පවසයි... ඔහුගේ පවුලේ අය ඔහුට විවිධ ගුරුකම් කලද තවමත් නිසි සුවයක් නැත.

සුතුතියි..

ඉෂාර දිල්ෂාන් කුමාරසිරි හා දම්මික සමන්ත රත්නායක.
හලෝ යාලු.... කොහොමද...
හුග කාලෙකින් ආයෙත් කතාවක් දාන්න හිතුනා. ...
මගෙ කලින් කතා වලට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා..මේක මගෙ හයවෙනි කතාව.... හැමෝටම ස්තුතියි..

No comments:

Post a Comment

wetting please

Featured Post

වට වන්දනා බස් රිය