🔥🔥🔥 සසර ආත්මා 🔥🔥🔥
⚡️....පලමු දිගහැරිම.... ⚡️
"" අනේ තරිදු හිමින් අනේ...... මට බයයි.... ""
"" බය වෙන්න එපා මැට්ටි...... මන් වැඩිය හයියෙන් යන්නෙ නෑ......... '"
යතුරු පැදියෙ වෙගය සමග කෙල්ල හිටියෙ හොදටම බය වෙලා... කොල්ලට නම් ඒ වේගෙ හොදට පුරුදුයි...
"" අනේ කියන දේ අහන්නකො.... ""
මාහා කැලෑ පාරට යතුරු පැදිය හරවත්ම හමා ආ සිත සුලගට ඔහුට තව තවත් ලන් වෙමින් කෙල්ල කිවෙ බිය වි මෙනි.......
""" වරෙල්ලා..... වරෙල්ලා..... මන් බලන් ඉන්නවා..... හ්හාහ්හා .....""
කැලය තුල ඔහුන් එන දෙස යොමුව තිබු ඒ ගිනි දැල් විසිරෙන දැස ඔහුන් දුටුවෙ නැත... ඒ දෑස් හිමි නපුරු ආත්මය කැලය තුලට වී ඔහුන් දෙස දත්මිටි කමින් බලා සිටියෙ වියරු ලෙසින් තම වාරය එන තෙක් ය...
"" අපොයි ...... ඔක්කොම ඉවරයි.... පැච් එකක් වගෙ.... සීට්....... ""
කැලය මැදින් හරියටම නැවතුනු යතුරු පැදිය දෙස බලමින් තරිදු කිවෙ ඔලුවට අතක් ගසා ගමිනි.... සෙනු බිය වු දැසින් කැලය දෙස බලාන යතුරුපැදියෙන් බැස බැස ඔහුගෙ අතෙ එල්ලුනෙ හෙල්මටයද ලිහිල් කරමිනි...
"" අනෙ තරිදු මන් ඉක්මන්ට යන්නත් ඔනි... අම්මා බලන ඇති..... දැන් මොකද කරන්නෙ.... ""
"" බය වෙන්න එපා වස්තුව මන් ඉන්නවනෙ.. බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා.... කව්රු හරි මෙතනින් යයිනෙ.. අපි උදව් ඉල්ල ගමු.... හාද..... ""
ඔහු කිවෙ කෙල්ලගෙ බිය නැතිකරන්නට ඈ තම තුරුලට ගනිමින් ය..... නමුත් ඒ පාලු පාරෙ පැයකට වරක් වත් මනුස්සයෙක් නොයන බව ඔහු දැන සිටිය... දික් කැලෙ මැදින් වැටුන පාර සෙනුගෙ නිවසට යාමට ලග වුවද බෙහෙවින් දුස්කර විය....
"" කව්රුන් පෙන්නවත් නෑනෙ වස්තු... අනේ මට නම් බයයි... ""
"" බය නොවි ඉන්නකො... මන් ඉන්නවනෙ... අම්මලා දන්නවනෙ අපි දෙන්න ඉන්නෙ එකට කියලා.... ""
විවාහයට දින නියම වී තිබු දෙදෙනා නිවස් වලින් පිට වුයෙ ඔහුනට අවස්ස බඩු මිලදි ගැනිමටය... තරිදු බයිකයෙන් බැස හෙල්මටයද ගලවා ඉවත් කර හුලම් බැස තිබු ටයරය දෙස බැලුවෙ පුදුම වු දැසිනි...
"" ටයර් එක හොදටම පුපුරලා... මට තියන පුදුමේ සද්දයක්වත් අවෙ නෑනෙ..... ඒ තරම්.....""
රොදය පරික්සා කර බැලු ඔහු කිවෙ කුතුහලයෙන් පිරි ගිය හඩිනි... කෙල්ල පාර දෙපැත්ත බලමින් කිසිවෙකු ඒ දැයි විපරම් කලෙ ගැහෙන හදිනි....
"" අ....නේ..... ක...ව්..රු ... හරි .... උදව් ....කරන්න.... මව බෙර ගන්න......"""
එක් වර කැලය දෙසින් ආ තරුනියකගෙ හඩින් දෙදෙනාම ගල් ගැසුනා මෙන් මුනට මුන බලා ගත්තෙ පුදුමයෙනි...
"" අනේ..... බෙර ගන්න..... කව්රුත් නැද්දො........ අනේ...... ඉහ්හි .....ඉහ්හි ........""
නැවතත් කැලයෙන් ආ ඒ හැඩුම් හඩත් සමග මුසු වු විලාපය ඇසෙන්නට විය...
"" අනෙ තරිදු... කව්රු හරි ගැනු ලමයෙක්ට කරදරයක් වගෙ..... අනේ අපි ගිහින් බලමු....""
ඉක්මනින් උනු වන හදක් තිබු සෙනු කිවෙ කොල්ලාගෙ අතෙ එල්ලෙමිනි...
"" මගෙ මැනික මෙතන ඉන්න.... මන් ගිහින් බලලා එන්නම්..... ""
"" අනේ... නෑ මත් එන්නම්...... මට බෑ තනියම ඉන්න.... ""
"" කියන දේ අහන්නකො මගෙ පන... එතන මොන වෙනවද දන්නෙ නෑනෙ... ඔය මෙතනම ඉන්න... මන් බලලා එන්නම්....""
කෙල්ල ගැන තිබු අසිමිත ආදරය නිසා ඔහු කිවෙ ඈගෙ හිස හිමිහිට අත ගාමිනි...
අකමැත්තෙන් වුව එයට අවනත වන්නට ඈට සිදු විය....
ඔහු අසලින් අහුල ගත් පොල්ලක්ද අතැතිව සද්දය ආ කැලය තුලට ගියෙ ඈ බොද වු දැසින් බලා ඉද්දිමය...
අඩහොරාවකට වඩා ගත වුවද කැලයට ගිය තරිදු යලි අවේ නැත... කෙල්ලට දැනුනෙ දැරිය නොහැකි බියකි...කැලයෙන් ආ සිතල සුලග නිසා ඈ දෑත් අකුලුවා ගනිමින් ඔහු නොපෙනි ගිය දෙසම බලා උන්නෙ බියවු දැසිනි...
තවත් ඉවසිය නොහැකි වු ඈ අත වු ඔරලොසුව දෙස බලා තවත් කලබල වෙන්නට විය ....
"" දෙයියනෙ හයත් වෙලා..... තරිදුට කරදරයක්........ නෑ නෑ එහෙම වෙන්න බෑ.....""
කලබලයෙන් මෙන් සිතු ඈ තවත් නොබලාම ඔහු ගිය දෙසටම කැලය තුලට ඇතුලු විය....
කැලය තුලට යත්ම මහ අන්දකාරයකින් කැලය වැසි යන්නට වුහ.. ඈ හිතෙ බිය දරාගනම ආදරය පෙරට දමා තව තවත් කැලය තුලටම ඇතුලු විය..
"" තරිදු........ තරිදු..............""
කැලය පුරා කැගසමින් ඈ ඔහු සොයන්නට වුහ..... නමුත් ඔහුගෙන් කිසිදු පතීඋත්තරයක් ලැබිනෙ නැත..
"" තරිදු........ අනේ විහිලු නොකර එන්නකො... මට බයයි......""
''' ටික් .... ටික්.... ටික්...........""
ඈ කැගස කතා කරත්ම ඈට වම් පසින් බිම වැටි වෙලි ගිය කොල උඩට යමක් වැටෙන හඩින් ඈ ඒ වෙත ගියෙ දැස් ලොකු කර ගමිනි....
ඒ අසල බිම වඩි වු ඈ ඒ වැටුනෙ මොනවාදැයි පරික්සා කරන්නට විය.... මද අදුරෙ උවද ඒ රතු පැහැති දියරය ලේ බව හදුනා ගන්නට ඈට වැඩි වෙලාවක් නොගියෙය.... ඇසිල්ලෙන් ඈ හිමිහිට උඩ බැලුවෙ ගැහෙන හදින් අත් දෙකම පපුවට තබා ගමිනි....
"" දෙ.....යි......ය.......නෙ........... තරිදු........ ඉහ්හි ....ඉහ්හි ....... අනේ.......තරිදු ඉහ්හි .......ඉහ්හි .....'''
ගස් වල වැල් වලින් ඒති ඉහල එල්ලෙමින් තිබු සිරුර පුරා කැපි තුවල වී තරිදුගේ සිරුදෙන් ලේ වැගිරෙමින් තිබෙනු දුටු ඈ යටිගිරියෙන් කැගැසුවෙ හඩා වැලපෙමිනි......
"" ඉලගට උබේ වරේ ..... ලැස්ති වෙයන් හාහ්හාහ්හා ....ඉහ්හ්හා....""
එක්වර පිටු පසින් ආ ගොරහැඩි පිරිමි හඩින් සෙනු පිටුපස බැලුවෙ කදුලු පිරි දැසින්මය....
මුන පුරා තුවල පිරි ලේ වැගිරෙන සිරුරකින් නපුරු මුහුනක් ඇති හිස දෙබැවන තෙක් තුවල වු විරුපි හැඩිදැඩි සිරුරකින් හෙබි මිනිසෙකු තම පිටු පසින් සිටිනු දුටු ඈ දැතින්ම මුහුන වසා ගනිමින් කෑගැසුවේ ඒ මුහුනේ වු වියරු විරුපී බව දරා ගැනිමට නොහැකි තරම් වු නිසාය.....
""" එ.......ඒ........එ...පා.............. ""
ඈවෙත කෙමෙන් ලන්වන නපුරු ආත්මය දුටු ඈ විලාප තැබුවෙ නැගිටගන්නට පවා නොහැකිව බිම දන තබාගනමය....
ඈගෙ විලාප හඩ මැද ඔහුගේ සිනාහඩින් කැලය පිරියන්නට වුයෙ නිමේසයෙනි... මොහොතකින් ඇගෙ හඩද නැවති ඔහුගෙ සිනා හඩ පමනක් කැලය දෙවනත් කරමින් ඉතිරි වුයෙ .... සoසාර ගත වයිරයක තවත් එක් ආත්ම පලිගැනිමක අවසානයක් සනිටුහන් කරමිනි.........
*************************************************
වසර 25 කට පසු.....
"" චුටි දු නැගිටින්න........ නැගිටින්න ලමයො.......""
සෙනාලි අවදි වුයේ මවගෙ හඩිනි.... නිර්මලා දියනිය අසල ඇදෙ හිද ගනිමින් හිස අත ගමින් ආදරයෙන් කතා කලෙ තම එකම දියනිය ගැන වු ආදරයෙනි....
"" අනේ අම්මි තව ටිකක්.... ""
ඈ මවද තුරුලු කර ගනිමින් හුරතල් වෙමින් කිවෙ තව තවත් ඈදෙ ගුලි වෙමිනි...
"" එහෙම බෑනෙ දු බලන්න දැන් අටටත් කිට්ටුයි...... කො කො නැගිටින්න... දැන් පොඩිලමයෙක් නෙමෙ අවුරුදු 22 කෙල්ලක්...... ""
කෙල්ලව ආදරයෙන් තුරුලුකරම්ම නිර්මලා කිවෙ මුහුනෙ සිනහවක් රදවා ගෙනය.....
කෙල්ල සියල්ල අසා සිටියද තවමත් ගුලි වෙමින් නිදා සිටිය...
"" නැගිටින්නකො දු.... අද අර මිස්ට පොන්සෙකලෑ ගෙදර ලන්ච් වලට යන්නත් ඔනි.... නැගිටින්නකො...""
"" පාටියක්... කලින් කියන්න එපැයි...... මගෙ සුදු අම්මියො.... ""
දැස් විසල් කරමින් ලස්සන සිනහවක් මුහුනෙ ඇදගත් සෙනු කිවෙ ඇදෙන් නැගිට කලබලයෙන් මෙනි... එය දුටු නිර්මලාට සිනහව පලනය කර ගත නොහැකි වුවෙ කෙල්ල එය ඇසු ආකාරය නිසාය.....
ඈදෙන් පැන නාන කාමර වෙත දිවයන දගකාරිය දෙස ඈ බලා සිටියෙ සෙනෙහෙබර වු දැසිනි.....
නමුත් ඒ ගමනෙන් පසු ඔහුනට වන්නට යන විනාසය ගැන කිසිවෙකු දැන නොසිටින්නට ඇත....
*************************************************
************** නැවත හමුවෙමු ****************
සසර ආත්මා පලවෙනි කොටස කොමද දන්නෙ නෑ.. ඔයාලම බලලා කියන්නකො අඩු පාඩු.... දිගටම රැදි ඉන්න... ඉලග කොටසින් හමු වෙමු යාලුවනෙ..
2
🔥🔥 ....... සසර ආත්මා ....... 🔥🔥
⚡️ දෙවනි දිගහැරිම ⚡️
සෙනාලි නාන කාමරයෙන් එලියට එන විට කාමරෙ කිසිවෙකු නොවිය... ඈ පහත මාලයට ගොස් කැම කාමරයට ඇතුලු වන විට ඈගෙමව නිර්මලා සිටියෙ ඇගෙ උදෙ ආහරය කැම මේසය ගෙන එමිනි....
""" අම්මි..... ඌම්ම්මා..... ""
පිටුපසින් හිමිහිට ගොස් ඈ මවට තුරුලු වෙමින් ඈ සිප ගනිමින් මැත් විය.... නිර්මල පපුවටාතක් තබා ගත්තෙ නොසිතු වෙලාවක දියනිය පිටු පසින් ආ බව නොදැන ඇති වු බියෙනි...
"" මොකද දු කරන්නෙ... මන් හොදටම බය වුනා.... ""
"" ඇයි අම්මි හිතුවද හොල්මනක් කියලා හ්හ්හ්හ්.... ""
කෙල්ල ඇසුවෙ සිනහ වෙමින් හුරතල් හඩිනි... නිර්මලාද ඇගෙ සිනහවට එකතු විය....
"" කො අම්මි ඩෑඩී..... ""
"" අද ලන්ච් වලට යන නිසා මොකක්ද ඔපිස් එකෙ වැඩක් ඉවර කරන්න ඔනි කියලා ඔපිස් රුම් එකට ගියා.... ඔයත් ඉක්මනින් කන්න මන් කිරි එක හදන් එන්නම් .... ඔයා එනකම් මන් කිරි හැදුවෙ නෑ.... ""
නිර්මල දියනිය හිද ගත් පුටුව අසලට ගොස් හිස අතගාමිනි කිවෙ දියනියට කැම ලන්කරමිනි....
*************************************************
""" බලන්නකො රන්ජන් අපේ දුගෙ ලස්සන..... ""
"" තාත්තා වගෙ තමා.... ""
"" අනේ අස ඇති.... දු මන් වගෙ..... ""
පඩිපෙල දිගෙ පහලට එන දියනිය දෙස නිර්මලත් රන්ජනුත් බලා සිටියෙ ආඩබරෙනි.. ඈ සැබවින්ම සුන්දර යුවතියක් වුවාය...
"" මොකද දෙන්න හිනා දෙන්නෙ... '''
තම ඇදුම දෙස හොදින් බලමින් කෙල්ල ඈවෙ ලැජ්ජාවෙනි....
"" අපි අපේ දුගෙ හැඩ බැලුවා නෙද රන්ජන්...'"
තිදෙනා නිවසින් පිටත් වන විට දවල් එකොලහ පමන විය....
දනවර්දන පොන්සෙකාගෙ නිවස ඉදිරියෙ විසාල ජෙට්ටුව අසලින් රථය නතර කල රන්ජන් රථයෙ හොනය දෙවරක් ගසත්ම විදුලි ජෙට්ටුව විවර විය...
"" ආ එන්න මිස්ට ඇල්කඩුව..... '''
ඔහුන් පිලිගනිමින් දනවර්දන මෙන්ම ඔහුගෙ බිරිදද නිවස ඉදිරියට ආවේ සිනා මුසු මුවිනි...
සෙනාලි දෙමහල් නිවස දෙසත් ඒ අවට සාද ඇති ලස්සන ගෙවත්ත දෙසත් බැලුවෙ ආසාවෙනි... එහි උයෙ සව්න්දාර්න්‍ය ලස්සනකි...
නිවස ඇතුලතද තම නිවසට වඩ විසාලත්වයක් මෙන්ම ලස්සනක්ද ඈ දිටිය....
ටික වෙලාවක් ඔහුන් හා ගැවසුන ඈ මවගෙන් අවසර ගෙන ගෙවත්තට පිවිසුනේ ඒහි සුන්දර නැරබිමෙ ආසාවෙනි....
"" හායි..... ""
එක් වර පිටු පසින් ආ හඩින් ඈ ගැස්සි පිටු පසට හැරුනේ බිය වු දැසිනි...
ඔහුගේ ඇස් හා ඈගෙ ඇස් පැටලුනෙ ආත්ම ගත ආදරයෙ බැදිම නිසාය..
************************************************
නමුත් ඔහුන් නොදන්න තව දෙයක් සිදු වෙමින් තිබුනි....
පාලු නිවසක දුවිල්ලෙන් වැසිගිය එක් කාමරයක පොලව පුපුරා යන්නට විය මහ සුලගක් විත් කැඩිගිය ජනෙලයෙන් ඇතුලුව කාමරය පුරා සුලි සුලගක් මෙන් හමා යන්නට වුහ.. විසාල අලොකදහරා පැතිරෙමින්.. පොලව තුලින් ඇටකොටු සැකිල්ලක් මතු වුයෙ විලාප හඩක් මැදය..... පොලව දෙදරමින් සුලු මොහොතකින් ඒ සැකිල්ල ලේ වැගියෙන සිරුරකින් හෙබි අමුනුස්සයෙක් සැදුනෙ නිවස පිරි යන තරමෙ භයානක සිනා හඩක් මැදය.......
"" මන් ආවා.... උඹලව විනාස කරන්න මන් ආවා..... එකතු වෙන්න දෙන්නෙ නෑ..... පලි ගන්නවා...... පලි ගන්නවා......... මගෙන් ගැලවිමක් නෑ...... උඹලගෙ ඇස් හමුවෙන දවස මගෙ නැගිටිමෙ දවස හ්හාහ්හා ......හ්හාහ්හා ........ විනාසයෙ ආරම්බය..... හ්හාහ්හා ....හ්හාහ්හා .....''''
පාලු නිවස දෙවනත් කරමින් දැත් ඉහලට ඔසවමින් කැගැසු වියරු ආත්මය නිවසෙන් පිටට ආවෙ නපුරු සිනාවක් ඒ මුවෙ ඇද ගමිනි.....
*************************************************
'''' ඔයා කව්ද...... ""
"" මන් දනුක දනුක පොන්සෙකා.....""
"" ආ.... පොන්සෙක අන්කල්ගෙ පුතා.... ""
"" ම්ම් ඔව්.... ඔයා ඇල්කඩුව අන්කල්ගෙ දුව නෙද.... ""
"" ඔව්..... ""
ඒ දැස් ලග හුරු පුරුදු බවක් සෙනාලිට මෙන්ම දනුකටද දැනුනි... ඔහුන් දෙදෙනා කතා කලෙ කාලයක සිට දන්නා අදුනනා අය විලසිනි....
එක්වර හමා ආ සුලගක් සමග පරිසරය අදුරු වුයෙ දහවල වුවද රාත්‍රි 7පමන තරමේ අදුරකිනි.. එක් වර අකුනක් පුපුරා යත්ම සෙනාලි දනුකගෙ අතෙ එල්ලුනෙ කුඩා දැරියක මෙන් කැගසමිනි...
එත් සමග දැනුනු අපහසු තාවෙන් ඈ ඔහුගෙන් ඉවත් උනෙ මුහුන රතු වන තරම් ලැජ්ජාවෙනි...
"" සොරි..... ""
ඈ කිවෙ බිමට බර කර ගත් නෙතු හිමිහිට ඔහු වෙතට ඔසවමිනි....
"" එකට කමක් නෑ.... අපි යන් ඇතුලට නැත්තම් හොදට තෙමෙන්න වෙයි...""
මුවෙ රැදි සිනහවක් සමග ඔහු කිවෙ ඈ දෙස එක එල්ලෙ බලමිනි... ඒ මුහුනෙ මොකක්දො හුරුපුරුදු කමක් ඔහු සිතටද දැනුනි... කලයක සිට දන්න අයෙකු මෙන් හැගිමකින් ඔහුගෙ සිත පිරි යන්නට විය....
ඈ ඔහුට අවනතව ඔහු පසු පසින් නිවස තුලට ගියෙ අදුරින් වැසි යන අහස දෙස දුක් බර බැල්මක් හෙලමිනි....
"" යමල්ලා ...... යමල්ලා...... මගෙන් ගැලවිමක් නෑ..... හ්හාහ්හා .....හ්හාහ්හා ...... ""
නපුරු දැසෙන් ඔහුන් දෙස බලා උන් ලෙ පැහැ ඇස් වියරුවෙන් සිනා සුනෙ අහස ගිගුරවමිනි..
ඔහුන් නිවසට ඇතුල් වෙත්ම ඩග්ලස්ගෙ වියරු ආත්මය එක් වර අදුරින් එලියට ආවෙ දත් විලිස්සමින් සිනාසෙමිනි....
හිසෙ වු තුවාලයෙන් ලෙ වැගිරෙන මුහුන පුර කැපුම් පාරවල් පිරි ගිය මුහුන මහ නපුරු කමකින් පිරි තිබුනි...ඒ සමග ඇද හැලුනු වර්සාවෙ ඔහුගෙ සිනා හඩ දොන්කාරදුනි....
"" පුදුම වැස්සක්නෙ එක පාරට ..... වෙලාවට දෙන්නා ගෙට ආවෙ...... ""
ගෙට ඇතුලු වු සෙනාලි දෙසත් ධනුක දෙසත් බලමින් නිර්මලා කිවෙ අනිත් සියල්ලන්ද එයට එකගව ඈ දෙස බලා ඉද්දිය...
"" එකනෙ ඇන්ටි... නන්ගිට හරියට වත්ත බලන්නත් බැරි වෙන්න ඇති ..... ""
"" අනේ ඔව්.... ""
සෙනාලි කිවෙ දුක්බර බැල්මක් හෙලමිනි.... ගිගුරුම් දෙමින් ඇද හැලෙන වැස්ස දෙස ඈ ජනෙල් කව්ලුවෙන් බැලුවෙ හිතෙ වෙදනාවෙනි....
එක් වරම සුවිසල් නිවසේ වසා තිබූ කාමරයෙන් විසාල හඩක් නැගෙත්ම
දනුක ත් සෙනාලිත් මෙන්ම ඔවුන් ගේ දෙමාපියන්ද තැතිගන්න්ට වු යේ ඒ බියකරු වූ හඩ නිසාවෙනි.
"" උඩින් නේද ඒ සද්දෙ ආවෙ.....""
දනුකගේ මව කියත්ම සියල්ලොගෙම දැස් නිවසේ උඩුමහල වෙතට එල්ල වුනි...
"" මං බලන්නම් ගිහින්...."''
සියල්ලොම සන්සුන්කරමින් දනුක සීරුවට තරප්පුපෙල නගින්න්ට වූයේ විමසිල්ලෙනි.
ඔහු ගොස් මද වෙලාවක් ගත ඔහු පැමිනියෙවත් කිසිදු හඩක් ඇසුනෙ වත් නැත.....
"" අංකල් දනුක අයිය ගිහින් දැන් ගොඩාක් වෙලානේ...."
දනුක ගොස් විනාඩි ගනනක් ගතවූවද ඔහුගේ නොපැමිනිම සෙනාලිගෙ සිතට බියක් ගෙන දුන් නිසාවෙන්ම ඇය කියන්නට උයෙ සියල්ලන් දෙස බලමිනි..
"" මන් බලන්නම් ... ඔයාලා ඉන්න.... ""
දනවර්දන කිවෙ පඩි පෙල නගින අතර.....
************************************************
කුමක් සිදු වන්නට ඇත්ද .... ??
************* නැවත හමුවෙමු *************
No comments:
Post a Comment
wetting please