Saturday, December 16, 2017

අදුරු මන්දිරයේ ශාපලත් කුමරා The prince in the dark room



සීතල දෙසැම්බරයේ නත්තලේ අපූරු මිහිරියාව සීත සුලන් රැල් සමග මුහුවෙමින් එංගලන්තයේ ලන්ඩන් නුවර සෑම අස්සක් මුල්ලක් සිසාරාම ගමන් කරමින් තිබුණි.ඒ වන විටත් පුළුන් වගේ සුසිනිදු මාස්මිලෝස් වැනි සුදු හිම තට්ටු සෑම නිවසකම වහලවල් වසා පැතිර පැවතුනි.හිරු අවරට යමින් තිබුණු අතර සීතල එන්න එන්නම වැඩි වන හෙයින් මග තොටේ මගීන්ගේ දයිණික සංචලන තාවයක් නොවීය.වීදි පුරා සීත සුලන් රැල් කිසිම බාදාවක් නොමැතිව ඒ මේ අත සැරිසරන්නේ පකිස් පෙට්ටි වලින් තැන තැන විසිරුණු පාලු වීදි තව තවත් පාලු කරමිනි.හිරු අවර ගිරින් සැගවි යාම නිසා නිවෙස් වල අදුරු බව දිස්නේ නගන විසිතුරු විදුලි බුබුළු ආලෝක වලින් එලිය වුනි.........
ලන්ඩන් නගරයේ කෙළවර උතුරු දෙසට වන්නට ප්රුකෝටිපති වියාපාරික මොන්ට්රිස්ටියල්ගේ කාමර එකසිය පනහකින් හැඩ වූ තෙමහල් ගොඩනැගිල්ලද ඒ පළාතම ආලෝකමත් කරමින් චූඩාමාණික්යයක් සේ විදුලි ආලෝකයෙන් දිලිසෙමින් තිබුණි...

 මොන්ට්රිස්ටියල් හා ඔහුගේ බිරිද වූ එලෙනාට විවහ වි අව්රුදු පහලවක් යන තෙක්ම දරුවෙකු නොවීය.මේ නිසා  මොන්ට්රි්ස්ටියල් ප්‍රබල මානසික පීඩනයකින් ගෙවී ගිය අව්රුදු ගත කල අතර දිනක් රාත්රිියේ හදිස්සියේම ඔහුට මුණ ගැසුණු යක්දෙස්සියකගේ කන්නලව්වෙන් එලේනා ගැබ්බර වී ඊට මාස නමයකට පසු නිරෝගී දරුවෙකු බිහි කළේය........

එලේනාගේ හා මොන්ට්රිස්ටියල්ගේ එකම දරුවා වුයේ ක්රිස්ට්රියල්ය.ඔහු කුඩා කාලයේදීම ඉතා සුරූපී පිරිමි දරුවෙකු විය.ඔහුගේ දෙනෙත් වටකුරු ඒවා වූ අතර තද නිල් පාටින් සැරසිනි.ඔහුගේ පිගුවන් පැහැ ගත් කැරළි කොණ්ඩය සුදු පාට මුහුණට අපූරු සුන්දරත්වයක් කැන්දීය.ක්රිස්ට්රියල් නියම රාජ කුමාරයෙකුට සරිලන ලෙස ශක්තිමත් බවින් මෙන්ම මනා රුවින්ද  බුද්දිමත් බවින්ද යුතුව දිනෙන් දින වැඩුණි.දිනක් යක්දෙස්සියගේ හා ක්රිස්ට්රිියල්ගේ පියා අතර විරසකයක් හට ගත්තේය.එය වඩ වඩාත් උග්‍ර වෙමින් දස්ට කරනු ලැබූ නයි විසක් ඉතා සීග්රායෙන් උඩු දුවන්නා සේ  විරසකය වයිරයකට පෙරලුනි.තවත් ඉවසාගතනොහී මොන්ට්රිූස්ටියල් ඉතා සාහසික ලෙස යක්දෙස්සියගේ  කදින් ගෙල වෙන්කර මරා දමන ලදී..............................

ඒ වන විට ක්රිස්ට්රිියල්ට වයස අව්රුදු 18 ලැබුවා පමණි.එතැන් පටන් මොන්ට්රිස්ටියල් සැනසුම් සුසුම් ලැබුවද ඔහුගේ පව්ලට කන කොකා හඩලන්නට පටන් ගත්තේ එදා පටන්ය.තාත්තාගේ ඒ කෘර ක්රියාව නොදත් අහිංසක ක්රිස්ට්රියල්ගේද හැසිරීම අත්බුත ලෙස එදා පටන් වෙනස් වෙමින් තිබුණි.වියාපාරික ලෝකයේ ඉතා කාර්යබහුල පුද්ගලයෙකු වූ ක්රිස්ට්රිීයල්ගේ පියාට ඔහුව දැක ගැනීමට හැකි වූයේ අවුරුද්දකට තෙවතාවක් හෝ සිව් වරක්ම පමණි.
එලෙනාද ඊට තෙමසකට පසු දරුණු පිළිකා රෝගයකින් මරු තුරුළ වැළද ගත්තාය.මවගේ වියෝවෙන්ද පසු තවතවත් තනි වූ ක්රිස්ට්රිියල් ඔහුගේ පියගෙන්ද පිටස්තර ලෝකයෙන්ද ඈත්වී දිනෙන් දින අදුරට ලංව අදුරට පෙම් බදින්නට විය.......

රාත්රිය උදාවත්ම ඔහුගේ තෙමහල් නිවසේ හා ඊට නුදුරින් වූ හාත්පස විහිදී අනෙක් කුඩා නිවෙස් වල විදුලි එලි දැල්වුවද  ඔහුගේ අතිසුපොපබෝගී කාමරය පමණක් අදුරේ ගිලෙමින් තිබුණු අතර කාලය ගත වෙත්ම එය ක්රිස්ට්රියල්ට මෙන්ම අන් අයටද එය සාමන්ය දෙයක් විය.ඔහු 18 වන වියේ සිට කිසිම දවසක රාත්රියේ තම නිවසෙහි රාත්රී  අහාර වේලක රස නොබැලුවේය.කාලය ඉතා වේගයෙන් ගත වෙත්ම ක්රිස්ට්රි්යල්ද ඉතා ඉක්මනට වැඩුණු පුද්ගලයෙකු බවට පත් වූ අතර ඔහුගේ ශක්තියද මස් පිඩු නෙරමින් ඉතා වැඩි විය.නමුත් හිරු උදාවේ සිට හිරු බැස යන තෙක්ම ඔහුගේ දෛනික පුරුද්ද ලෙස ක්රිස්ට්රියල් කරනුයේ තෙමහල් මන්දිරයේ ඔහුටම වෙන්වූ ඉතා විශාල පුස්තකාලයේ පොත් කියවීම හෝ ඔහුගේම රසායනාගාරයේ දැඩි අවදානම් සහිත පරීක්ෂණ කිරීමය.
හිරු බස ගොස් රාත්රීද හත පමණ වූ පසු  තම කාමරයට ගොඩ වෙන අතර ඔහුව නැවත නිවෙසියන්ට දැක ගන්නට ලැබෙනුයේ පසු දිනයේදීය.ක්රිස්ට්රියල්ගේ කාමරයට ඔහුට හැර වෙනත් කිසිදු අයෙකුට යාමට අවසරයක් නොමැති අතර ඔහුගේ කාමරයේ වූ විශාල ජනෙල් පියන් කිසිදා විවෘත නොවුණු ඒවා විය.ගණ ලෝහ තහඩුවෙන් නිමවන ලද කාමරයේ දොර විවර වනුයේ ක්රිස්ට්රිුයල්ටම පමණි.ක්රිස්ට්රි යල් තම තෙමහල් නිවස වටා ඉදිකරන ලද විශාල කලු ගලෙන් නිම වූ අඩි 15ක් පමණ උස ගනකම් පව්රින් පිටත ලෝකය හා කිසිදා මුහු නොවීය.ඔහු තම නගරය වටා කිසිදාක සංචාරය හෝ කර නැත.ඉපදුනු දා සිටම උපන් ගේ හිදිමින් ඔහු වැඩුනි. ක්රිස්ට්රියල්ගේ කාමරය ඊශාන දිසා ගතව පිහිටි අතර තෙමහල් ගොඩනැගිල්ලේ උසින්ම පිහිටියේය.ඔහුගේ කාමරයට පිටතින් පෙනෙනුයේ පව්රින් එහාට වන්නට තිබෙන්නාවූ රූස්සේට වැඩුණු විශාල අතුපතර වීහිදී ගිය යෝදයින් සේ අහසට නැගී ගත් විශාල ගස් හා අවට පැතිර පැවතියාවූ ගණ මිදුම්වලාය. ක්රිස්ට්රි්යල්ගේ අතටපයට සේවකයෝ බොහෝය.නමුත් ඔවුන් සමග වචන තුන හතරකට වඩා කෙදිනක හෝ ක්රිස්ට්රිකයල් කතා කර නොතිබුණි.
ක්රිස්ට්රියල්ගේ රෝස පැහැ ලාමක තොල් පෙතිද නිල පාටින් දිලිසෙන්නාවූ දෙනෙත්ද, මනා පවුර්ශයකින් යුක්ත වූ හැඩිදැඩි ශරීරයද දුටුවන්ගේ නෙත් එකවර ආකර්ෂණය කර ගනීමට තරම් සමත්ය.මේ මන්දිරයේ සේවය කරන සේවකයෝ ක්රිස්ට්රි්යල් කුඩා අවදියේ සිනාසේනු දුටුවා මිස ගෙවි ගිය පුරා අවරුදු හතර මුළුල්ලේම ක්රිස්ට්රිකයල්ගේ මුවින් සිනහවක් පිටවෙනු දැක නොතිබුණි.
ක්රිස්ට්රියල් වටා දැඩි හුදෙකලා බවක් හා කව්රුත් නොදන්නා අත්බුත යමක් සැරිසරන බව ඔහුගේ සේවකයන්ට දැනෙන්නට පටන් ගෙන තිබුණි.ඒ බව ඔවුන් මොන්ට්රි්ස්ටියල්ට පැවසීමට කිහිප වරක්ම උත්සහ කල අතර ඒ සෑම අවස්ථාවකදීම් ක්රිස්ට්රියල් ඉවෙන් මෙන් එය දැන ගෙන ඔහුගේ පියා අසලට වී සිටි අතර ඔහු ඒ අවස්ථාවේ සේවකයන් දෙස දැඩි කෘර බැල්මක් හෙලීය.ඒ මොහොතේ ක්රිස්ට්‍රියල්ගේ නිල් පැහැ දෙනෙත් ගිනි පුලිගු දෙකක් සේ රතු පැහැයෙන් දිස්වුණි. 
මේ මන්දිරයේ සේවකයෝ අලුත් දවසකට ඉතා ආශා කරන අතර දින නිමා වී අදුර උදා වන විට ඔවුන් බියෙන් සලිත වී දිවි ගෙවිය.තෙවෙනි මහලේ මොන්ට්රිදස්ටියල් සිටින අතර යටම මහලේ වූ සේවකයන්ගේ කාමරවල ඔවුන් ලැගුම් ගෙන සිටිති.රාත්රී 12 පමණ වන විට මන්දිරයම පාලු කරමින් තෙමහල් නිවසේ ක්රිස්ට්රිියල්ගේ කාමරය දෙසින් මූසල ලෙස ගැහැණියකගේ සිනාසෙන  හඩක්ද ඒ සමගම යමෙකුගේ විලාප නගන  හඩක්ද එකවර ඇසෙති.එවිට සේවකයෝ සියල්ලම එකට එකතු වී බියෙන් එකාට එකා ගුලි ගැසෙමින් රාත්රිය පහන් කරන අතර සමහර දිනෙයන්හී අලුත් දවසක් උදා වන විට ඔවුන්ගෙන් එක් සේවකයෙකු හෝ සේවිකාවක අතුරුදහන් වී සිටියේය.සිව් මසකට වරක් මෙම තෙමහල් මැදුරේ සේවය සදහා අලුතෙන් සේවකයෙකු හෝ සේවිකාවක එකතු වෙති.මේ මන්දිරය අනෙකුත් නිවාස වලින් තරමක් ඈතට වන්නට හුදෙකලාව පිහිටි නිසා මන්දිරය තුල සිදුවෙන දේවල් පිටස්තර ලෝකයට ආරංච් නොවිය.
අව්රුද්දෙ අවසාන මාසය  වූ නිසා දෙසැම්බරයේද තෙමහල් නිවසේ  සේවය සදහා ඒ පළාතේම අනාත නිවාසයක හැදුනු තරුණියෙකු එක් විය.

දෙසැම්බරය අවසන් වී අලුත් අව්රුද්දක් උදා විය.ඒ 1997 ජනවාරි මාසයයි.
දින මාස ගෙවි ගියේ නිවසේ අත්බුත හඩවල් මෙන්ම ඉවසා ගත නොහැකි වූ දුගන්දයක්ද වරෙන් වර මතුවෙමිනි.මාස හතරක් තරම් වූ ලොකු කාලයක් ගෙවී ගොස් තිබුනද අළුතින් සේවයට පැමිණි රූමත් සේවිකාව ක්රිස්ට්රිසයල්ගේ නෙත ගැටුනේ නැත.ඇයගේ දෙනෙත් ඉතා කළු පැහැති වූ අතර ඇස් පිහාටු ඉතා දිගු ඒවා විය.රවුම් වූ මුහුණට කළු පැහැ කෙහෙ රැලි අපුරු සුන්දරත්වයක් එක් කෙරීය.ඇගේ මුළු ගතම ඉතා සිනිදු වූ අතර රෝස පැහ තොල් අතරින් විහිදෙන සිනභව අගේ ආකර්ශනීය බව වඩවඩාත් ඔප දමන්නිය
මේ ආකර්ශනීය බව නිසා සියලුම සේවක සේවිකාවන්ගේ ආදරය ඇයට නිතැතින්ම ලැබුණි.සේවකයන් මෙම නිවසේ අත්බුත බව ඉතා හොදින්ම මැවීලියාට පහදා දී තිබූ අතර . මැවීලියා ක්රිස්ට්රියල්ගේ නෙත ගැටීමට වත් අකමැති වන තරමට බිය ගැන්වීය.දිනක් උදැසන මැවීලියා ඉදිරිපස තන බිස්සේ එක යායට වවා තිබුණු රෝස මල්වලට වතුර දමමින් සාත්තු කරමින් සිටි අතර එකේ වරම ඊට එහායින් වූ සිමෙන්ති වලින් සාදතිබු පුටුවක් මත ක්රිස්ට්රියල් දිස් වීය.ඔහු තම දෑස් පියාගෙන සිටි අතර ඇය පිළිමයක් සේ ඔහු දෙස දෑස් විවර කරමින් පුදුමයෙන් මෙන් බල සිටියාය.ක්රිස්ට්රි යල් දෑස් විවර කර වටපිට බැලූ අතර ඔහුගේ නෙතට මැවීලියාගේ නෙත ඒ අවස්ථාවේ ගැටුණි. මැවීලියා දැන සිටි අන්දමට ඒ වන විට ක්රිස්ට්රි යල්ගේ නෙත් වල නිල පැහැය වෙනුවට දිස් වුයේ රුදිරයේ රතු පැහැයය.
ඒ සමගම ඔහුගේ දෙනෙතින් රතු පැහැය මැකෙමින් පෙර මෙන් නිල් පැහැ ගැන්වෙමින් තිබුණි. මැවීලියා තවත් පුදුම සහගත දසුනක් ක්රිස්ට්රිනයල්ගේ මුවින් දුටුවාය.ඒ ඔහුගේ කට දෙපස ඉතා තියුණු ලෙස ඇදී  තිබූ දත්ය.ඒත් සමගම ඔහුගේ කටේ එක් කොනකින් රුදිරය ගලා ගොස් තිබුන බවද ඇය දුටුවාය. මැවීලියා රෝස මල් වවා තිබු තන බිස්සේ පදුරු අතර සැගවුණු අතර ක්රිස්ට්රියල් ඇය නොදුටු අතර කලබලයෙන් මෙන් හුන් තැනින් නැගිට කඩිසර ගමනින්  ඔහුගේ කාමරය වෙත ගියේය.
😘😘😘😘😘
යාලුවනේ, මේ කතාව ගැන ඔයාලගේ අදහස්   පහලින් කොමන්ට් කරන්න...

No comments:

Post a Comment

wetting please

Featured Post

වට වන්දනා බස් රිය